මීගමුවට විශේෂ රථවාහන සැලැස්මක් සහ රථගාලක් !

0
141

traffic-planමීගමුවට නව සංවර්ධන සැලැස්මක් සැකසිම සදහා මුල් ව කටයුතු කරන පිරිසක් ඊයේ සවස වෛද්‍ය ඉයන් මහතාගේ නිවසේ විශේෂ රැස්විමක් පවත්වා ඇත,
මෙහිදි විශේෂ අවධානයක් යොමුව තිබුනේ උත්සව සමයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරිම සදහා වැඩපිළිවෙලක් සැකසිමයි.
දැනටමත් මේ වෙනුවෙන් ක්‍රියාත්මක මීගමුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති වරයාද මෙම හමුවට සහභාගි වි ඇත.
නගරයේ ප්‍රධාන ප්‍රශ්ණයක්ව ඇති රථගාලක්  සදහා නගර මධ්‍යයේ පිහිටි ලෙයිටන් පිටියත් කැල්ටන් එක අසල තැබැරුම්වත්තත් මේ සදහා යොදාගැනිමට මෙහිදි අවධානය යොමුව ඇත.
මේ සැලැස්මට තම පුර්ණ සහය ලබාදෙන බවට මෙම රැස්විමට සහභාගිව සිටි මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර සහ මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත ප්‍රකාශ කළ බවද වාර්ථා වේ.
මීගමුව ව්‍යාපාරිකයන්ගේ සංගමයේ නිළධාරින් පිරිසක් මෙන්ම නගර සංවර්ධන සැලැස්ම ගැන උනන්දුවක් දක්වන විද්වතුන් පිරිසක්ද මේ හමුවට සභාගිව සිට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here