”මීගමුවට සාධාරණයක් ඉටුකරන්න”-මීගමුවේ වෘත්තියවේදින් ඉල්ලති.

0
117

Negombo_02වසර 20කට පසුව ද මීගමුව ආසනයේ ජනතාව බලාපොරොත්තු වූ මන්ත්‍රී ධුරය නැති වන ලකුණු:

මීගමු ආසනයේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ පක්ෂ නායකත්වයට කරන ලද ආයාචනයක ප්‍රතිඵලයක් ලෙසට මෙවර මහා මැතිවරණයේ දී අපේක්ෂකත්වයක් (කෘතහස්ත එමෙන්ම විරුද්ධ පක්ෂ වල සියලු අභියෝග වලට මුහුණ දිය හැකි) මීගමු පුත්‍රයකු හට ලබා දෙන ලදි.
ඔහු මෙවර මැතිවරණයේ දී සියලු පක්ෂ හිතෛෂි බලවේග මුලු ගන්වමින් නිසි නායකත්වය දෙමින් පෙර නො වූ විරු ලෙස (ජනපතිවරණය පරයමින් ) දැවැන්ත ජයග්‍රහණයක් කරා ආසනය මෙහෙයවිය. එය මීගමුව ආසනයේ ජනතාව පක්ෂයට ගෙන දුන් 30000 කට ආසන්න වැඩි චන්ද සංඛ්‍යාවෙන් මොනවට පසක් වේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ.ජා. පෙ ජයග්‍රහණය අනෙකුත් සියලු ආසන (වත්තල, කැලණිය, ජා ඇල, කටාන) වලින් එක්සත් ජාතික පක්ෂය විසින් , පෙරමුණට එරෙහිව ලබාගන්නා ලද වැඩි චන්ද ගණන 37013කි. එනමුත් පෙරමුණ ජයග්‍රහණය කල ආසන (මිනුවන්ගොඩ, දිවුලපිටිය, බියගම, ගම්පහ, අත්තනගල්ල, දොම්පෙ, මහර, මීරිගම) වලින් ඔවුන් ලබා ගන්නා ලද වැඩි චන්ද ගණන 40,340 කි. මේ අනුව ගණනය කිරීමේ දී අනෙකුත් සියලු ඒ. ජා. ප ආසන වල වැඩි චන්ද එකතු කල විට ඒ.ජා. ප ය චන්ද 3,327 ක පසුබෑමකට ලක්ව තිබුණි. එසේ නම් මීගමුව වැඩි චන්ද 29,589 නො වන්නට ගම්පහ දිස්ත්‍රික්කය වැඩි චන්ද 27,046 කින් ජයග්‍රහණය නො කරන්නට ඉඩ කඩ තිබුණි.
එසේ නමුදු පක්ෂයට මේ සා සේවයක් කල, ගම්පහ දිස්ත්‍රික්කය දිනවීමේ මර්මස්ථානය වූ මීගමුව ආසනයේ නියමුවාට මෙවර ලැබී ඇති මනාප සංක්‍යා ව අනුව පාර්ලිමේන්තු වරම් නො ලැබෙන තත්වයක් උද්ගත වී ඇත. ඔහු ලැබූ මනාප ගණන 57,013 ක් වේ. මීගමුව ආසනයේ මුළු ඒ.ජා.ප. චන්ද සංක්‍යාව 48,517ක් වේ. ඒ අනුව නිර්ණය කල විට ඔහු (ආසනයේ සියලුම ප්‍රකාශිත ඒ.ජා.ප චන්ද ඔහුට මනාප ලබා දුන් ලෙසට උපකල්පනය කළොත්) ආසනයට පරිබාහිරින් ඔහුට මනාප 8,496ක් ලැබී ඇති බවට උපකල්පනය කල හැක.
එ නමුදු අවාසනාවකට මෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තේරී පත්විය හැකි වුයේ ඒ.ජා.ප. මන්ත්‍රීන් 9 දෙනෙකු පමණි. ඒ අනුව මනාප සංඛ්‍යාවට අනුකුලව මීගමු අපේක්ෂකයාට හිමි වුයේ 11 වන ස්ථානයයි. මෙම අසාධාරණ මනාප පොරය නමැති උගුලට අනුව මීගමුව වැනි කුඩා ආසනයකට විසි වසරක සිටම අත්වුයේ මෙම ඉරණමයි. මෙයින් අගතියට පත් වුයේ අපේක්ෂකයා නොව මීගමු ජනතාවයි. තවද ප්‍රකාශ නො කොට බැරි වැදගත් ම සත්‍ය නම් මෙවර විශාල මනාප සංඛ්‍යාවන් ගෙන දිස්ත්‍රික්කයේ ඉදිරියෙන් සිටින අති බහුතර මන්ත්‍රී ධුර හිමිකරුවන් තම ආසනය පරද වුවන් වීමයි.
මෙවැනි අසාධාරණ තත්වයක් තුල මීගමුව එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ පරම පවිත්‍ර අරමුණ වනු යේ ඔවුන් එක හඬින් ප්‍රකාශ කරනුයේද මෙවර ඔවුන් බලාපොරොත්තු වූ එම පාර්ලිමේන්තු නිසි නියෝජනය අප මීගමු පුත්‍රයා හට නොපැකිලිව ජාතික ලැයිස්තුව හරහා ලබා දී මීගමු ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා හට ලබා දී මීගමු ආසනය තුල පක්ෂයේ තිරස්චතිය රැක දෙන ලෙසින් කටයුතු කරන ලෙසයි.
ගරු පක්ෂ නායකත්වයේ අවධානය පිණිසයි!
ලේකම්
එක්සත් ජාතික පක්ෂ වෘතිය වේදීන්ගේ සංගමය- මීගමුව