මීගමුවට සීමාවාසික වෛද්‍යවරුන් 24 ක්!

0
130

NGB-hospital-new-buildig- පසුගිය  කාලය පුරා  අපට  නිතර  අසන්නට  ලැබුනේ  මීගමුව  රෝහලේ  කාර්්‍යමණ්ඩලයේ  අඩුවක්  පවතින  බවයි.  මෙහිදී  වෛද්‍යවරුන්ගේ  හිඟය  පියවා  ලීම  සඳහා  24  දෙනෙකු  ලැබුනු බව  වෛද්‍ය  මහේන්ද්‍රන්  මහතා  අප සමඟ  පැවසීය.  මොවුන්ගේ  සේවා කාලය  එක්  වසරකි. මේ  අය  ලමා,  ශල්‍යවෛද්‍ය,  ප්‍රසව  හා  නාරි  යන  අංශවලට  අනුයුක්ත  කර  ඇති  අතර  ඔවුන්ගේ  නවාතැන්  පහසුකම්  සඳහා  නව  ගොඩනැගිල්ලේ  පස්වන  මහල  යොදාගෙන  ඇත.

මෙම  වෛද්‍ය  වරුන්ට  තම  සේවාව  නිසි ලෙස  සැපයීම  සඳහා   අවශ්‍ය පහසුකම්  තිබිය යුතුය.  අදාල උපකරණ,  බෙහෙත්,  සාත්තු සේවිකාවන්  ඉන්  ප්‍රධාන  වේ. මෙහිදී  මීගමුව  රෝහලේ  නව  ගොඩනැගිල්ලේ  කටයුතු  ඉක්මනින්  අවසන් නොවීම මෙහිදී   ගැටළුවක්  ලෙස  පවතින  බව  කිවයුතුය.