මීගමුවට ,හලාවතට සහ මඩකලපුවට හෙට(04) විශේෂ ආරක්ෂාවක් ..

0
163

හෙටට ( 04 ) යෙදෙන පාස්කු ඉරිදා වෙනුවෙන් මිගමුවට ,හලාවතට සහ මඩකලපුවට සඳහා විශේෂ ආරක්ෂිත වැඩි පිළිවෙලක් දියත් කර ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ සියලුම පල්ලි ආවරණය කිරීම සඳහා පොලිස් නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා භටයන් 12,000 කට වැඩි පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහානා මහතා පවසා තිබුණි.

පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද විශේෂ චක්‍රලේඛයක් යටතේ මෙම විශේෂ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කර ඇති බව ඔහු පැවසීය. ‍

පොලිස් හා එස්.ටී.එෆ්. හි නිලධාරීන් 9,365 ක් රාජකාරිය සඳහා යොදවා ඇති අතර ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් 2,522 ක් ද ආරක්ෂාව සැපයීම සඳහා මුර සංචාරයේ යෙදිමට මේ අනුව කටයුතු සැලැසුම් කර ඇත.
මේ අතර මිගමුව හලාවත සහ මඩකලපුව අවට පල්ලිවල විශේෂ ආරක්ෂක විධිවිධාන සලසා ඇති බව ඔහු පැවසීය. පල්ලි, ආසන දෙව්මැදුර සහ සිද්ධස්ථාන පිහිටා ඇති ප්‍රදේශවල පොලිස් ජංගම මුර සංචාර සිදුකරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් පවසා තිබුණි.