මීගමුවෙන් පාපන්දු ලොකු පුටුවට ගිය රංජිත්ට ව්‍යවස්ථාව අමතක වෙයි?

0
44

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රොඩ්රිගෝ මහතා විධායක කමිටුව දෙමසකින් රැස්කර නැතැයි වාර්තා වේ.මේ සම්බන්ධයෙන් පසුගිය මාධ්‍ය හමුවකදී රොඩ්රිගෝ මහතාගෙන් මාධ්‍ය වේදියකු ප්‍රශ්නකර තිබූ අතර ඔහු එවිට පවසා තිබුණේ එවැන්නක් කළ යුතු නැති බවයි.

පසුව එවැනි දෙයක් ක්‍රීඩා පනතේ නැත්දැයි මාධ්‍ය වේදියා විමසා සිටි අතර එවැන්නක් නැති බවද ඔහු කියා සිටියේය.

කෙසේවුවද අලුත් ක්‍රීඩා පනතට අනුව එහි 10 වැනි වගන්තියේ සදහන් වන්නේ අවම වශයෙන් මසකට වරක් විධායක කමිටුව රැස්විය යුත් බවයි.

එසේම ඒ අවස්තාවකදී අවම වශයෙන් පාසල් සංගමයේ නියෝජිතයකු සිටිය යුතු බවද එහි දැක්වේ.

(10. Every national association shall have a provision in its constitution that the committee meetings of such associations to be held at-least once a month and that at least one representative of the school associations should be present at such meetings.)
(sri lanka mirror වෙබ් අඩවියෙනි)ranjith  r 1