මීගමුවෙන් මුහුදට ගිය බෝට්ටු ආපසු හැරෙයි !ජිවිත හානි නෑ!රැකියාවට බරපතල පාඩුවක් !

0
44

multiday boats 1මීගමුවේන රැකියාවට ගිය බෝට්ටු මේ දිනවල ආපසු හැරි එමින් සිටි.දින කිහිපයක් මුහුදේ සිට රැකියාව කිරිම සදහා අවැසිව ඇම් වර්ග ඇතුළු අනෙකුත් දැ ද සමගින් මුහුදේ මැදටම ගොස් සිටි බහුදින යාත්‍රා සියල්ලම පවතින් අවධානම් තත්වය නිසා නැවත පැමිණෙමින් ඇත.
මේ අතර මගදි මාරියාව සැරවිම නිසා මහත්ව අවධානම් මොහොතවල් පසුකරගෙන පැමිණි බව මිපුර අමතා කතා කළ ඒ ධිවරයෙකු පවසා සිටියේ.
මේ අතර මිපුරට අදහස් දැක්වු බෝට්ටු හිමියෙකු සහ මත්‍යස්‍ය අලෙවි ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙකු වන සංගිත් ප්‍රනාන්දු  කියා සිටියේ වාසනාවට ජිවිත හානි කිසිවක් මිගමුවේන වාර්ථා නොවුනද ඇම් සහ තෙල් ඇතුල සියලල් පටවාගෙන දින ගණනක් මුහුදේ රැකියාව කරන්නට සිතා ගිය බෝට්ටු ඉක්මනින් නැවත හැරි ඒමට විම විශාල මුල්‍ය පාඩුවක් සිදුව ඇති බව කියා සිටියේය.