මීගමුවෙන් මේ ඇහෙන්නේ බොදු බලසේනාවේ කතෝලික හඬද?

0
120

ගිතිකා මෙහෙයක් පැවැත්විම කතෝලිකයන් අතරේ සාමය කඩවන්නේ කෙසේ දැයි අප නම් නොදනිමු.මීගමුව පොලිසිය කිසියම් ආගමික ගැයම් මෙහෙයක් අව්‍යාජද ව්‍යාජදැයි මනින මිණුම් දණ්ඩ කුමක්ද?
තමන් කැමැති ආගමක් හැදහිමේ නිදහස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම සහතික කර තිබියදි  බහුතරයේ ආධිපත්‍ය පවතින තැන්හිදි ඔවුන් කල්පනා කරන්නේ ආගමික ඇදහිමේ නිදහස් යනු තමන් බහුතරයේ කැමැත්තට අනුව සුළුතරය විසින් ක්‍රියාත්මක විය යුතු අන්දම පිළිබදවය.
අද රටපුරා අතිශය විනාශකාරි ලෙසින් ක්‍රියාත්මක වෙමින් පවතින සිංහල ජාතිවාදය බෞද්ධ අන්තවාදය මේ රටේ දැවැන්ත විනාශයකට මුල පුරනු නියතය.
මීගමුව තල ද දැනට කලක පටන් ආරම්භ වි ඇති කතෝලික ආධිපත්‍ය අධිකාරියක් ලෙසින් ක්‍රියාත්මක වෙමින් අන්  ආගමික කොටස් අපහසුතාවලට පත්කරන්නට පටන් ගෙන තිබේ.
අවසානාවක මහත වන්නේ මීගමුවේදි මේ අන්තවාදයට නායකත්වය දෙනු ලබන්නේ කතෝලික ඉගැන්විම් වෙනුවෙන් ආචාර්ය උපාධියකටද හිමිකම් කියන පූජක උතුමෙකි.