මීගමුවේ ඥාතියෙකුගේ නිවසට පැමිණෙමින් සිටි එකම පවුලේ පිරිසක් මඩම්පැල්ලේ දී අනතුරට

0
103

ඊයේ (13) සවස කොච්චිකඩේ මඩම්පැල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් එකම  මාස 08ක කුඩා දරුවෙක් මියගොස් තවත් 06 දෙනෙක් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිඛේ. මෙම අනතුර සිදුවන මොහොතේ මෙම පිරිස මීගමුවේ ඥාතියෙකුගේ නිවසට පැමිණෙමින් සිට ඇත. අනතුර සිදුවී තිඛෙන්නේ මීරිගම-මීගමුව ප්‍රධෘන මාර්ගයේ ගමන් කරමින් සිටින අතරතුරදී වන අතර රියදුරාට රථයේ වේගය පාලනය කරගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. අනතුරෙන් මිය ගිය මාස 08ක කුඩා දරුවාගේ දේහය අද උදෑසන රෝහලෙන් ගෙනගොස් ඇති අතර  අනතුරට ලක්වූ මෙම පිරිස එකම පවුලේ මව,පියා,දරුවන් දෙදෙනා,සහ ආච්චි ,සීයා  වන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.Accident-Putlam-2