මීගමුවේ ධීවරයින්ටත් ආපදා සහන ලැඛෙයිද?

0
46

පසුගිය දින වල පැවති අයහපත් කාලගුණය හේතුවෙන්  ආපදාවන්ට ලක්වූවවන්ට සහන ලබාදීමට   ලේකම් කාර්යාල අද සහ හෙට දිස්ත්‍රික් ලේකම් කාර්යාල  විවෘත කර අති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා  පවසා තිඛේ.  (ආපදා සහන ලබාදීමට ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල අද සහ හෙට විවෘතයි) මෙතෙක් වාර්තා වී ඇති නිවාස හානි සඳහා වන්දි මුදල්වලින් අත්තිකාරම් මුදලක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබා ගැනීමේ අවස්ථාව පීඩාවට පත් ජනතාවට හිමිවෙයි.
මීගමුව සහ කටාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් මේ වනතෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර කටානේ නිවාස 7කට හානි  සිදුවී තිඛෙන බව ප්‍රාදේශීය ලේකම් කාර්යාල තොරතුරු වාර්තා කරයි.
පසුගිය දිනවල  පැවති අයහපත් කාලගුණයෙන්  මීගමුවේ ධීවර රැකියාවේ නිරත පුද්ගලයින්ට ද අපදාවන්ට මුහුණ දීමට සිදුවූ අතර ඔවුන්ට මේ වනවිට සහන ලබාදීමට  තිඛෙන වැඩපිළිවෙල සම්බන්ධයෙන් අප විසින් මිගමුව ධීවර කාර්යාලයේ  සහකාර අධ්‍යක්ෂක රංජිත් බන්ඩාර  මහතාගෙන් විමසීමක් සිදුකළ අතර , ඔහු කියා සිටියේ මේ වනවිටත් ධිවරයින්ට සිදුවූ ආපදාවන් පිළිබදව තොරතුරු ධීවර කාර්යාලය විසින් ධීවරයින්ගෙන් ලබාගනිමින් සිටින බවයි.  එමෙන්ම මුහුදේදී අපදාවට ලක්වීමෙන් සිදුවන ජීවිත හානි  වෙනුවෙන් රජය ලබාදෙන ලක්ෂ 10 ක වන්දිය ද මෙහිදී ක්‍රියාත්මක වන බවද ඔහු පැවසිය.IMG_2942