මේ ආකාරයට මිගමුව නගරයේ ඇති සමහර ත්‍රිවිල් පාක් වල ඇති ත්‍රීවිල් වල මීටර් සවි කර ඇතත් ත්‍රීවිලයට ගොඩවී මීටරය වැඩ කරනවාද යන්න ඇසූ විට පවසන්නේ මිටරය කැඩිලා කියායි. පාරිභෝගිකයින් ලෙස අප මහත් අසරණ තත්ත්වයට වැටෙන අවස්ථා ඇති අතර ත්‍රීවිල් රියදුරන් අවස්ථාවෙන් පළ නෙලා ගන්නට බලාහිදියි. කොපමණ දුරක් ගියත් සාධාරණ ගානක් ගෙව්වා යන හැගීම අපට ඇතිවන්නට නම් මීටරක් අනිවාර්්‍යයෙන්ම තිබිය යුතුය.
පාරිභෝගිකයන් වන අපට රුපියල් 75ක දුරකට රු 150ක් ගෙවන්නට සිදුවේ. මේ සම්බන්ධයෙන් සොයා බලා වගකිවයුත්තන් පියවරක් ගත යුතු නොවේද?
පතිමා කෘෘස් – කඩොල් කැලේ