මීගමුවේ සිටි පාකිස්තාන් ජාතිකයින් 36 දෙනෙකු වව්නියාවට

0
127

1(10.54am) අප්‍රියෙල් 21 වෙනිදා මීගමුව ඇතුළු දිවයිනේ ස්ථාන  8ක සිදුවූ බෝම්බ පිපිරිම් නිසා ලංකාව තුළ ඇතිවූ ව්‍යාකූල තත්ත්වය  හේතුවෙන් සරණගතයන් ලෙස මීගමුවේ නවාතැන් ගෙන සිටි පාකිස්තාන් ජාතිකයින් 1000කට ආසන්න පිරිසක්  නැවතත් අවතැන්ව ඇත.
මෙම පාකිස්තාන ජාතිකයින්ගෙන් පිරිසක්  මීගමුව අහමදියා දේවස්ථානයේ  නවාතැන්ගෙන සිටින අතර තවත් පිරිසක් මීගමුව පොලීසියේ  නවාතැන්ගෙන සිටිති.මෙම සරණාගතයන්ගෙන් වැඩිම පිරිසක් තාවකාලික කුඩාරම්වලටවි දිවිගෙවන්නේ පස්යාල අහමදියා ආගමික මධ්‍යස්ථාන භුමිය තුලය.අප්‍රේල්  24 වනදා සිට මෙම පාකිස්තාන් ජාතිකයින් මීගමුව පොලීසියේ රථගාල සහ අවට  එලිමහනේ නවාතැන්ගෙන සිටි අතර ඒ අතර කුඩා ළමුන්ද විය.  මෙලෙස මීගමුව පොලිසියේ පාකිස්තාන් ජාතිකයින් 170ක් පමණ නැවති සිටි අතර මොවුන්ගෙන්  පුද්ගලයන් 35 දෙනෙකුව ඊයේ වව්නියාව පූන්තෝට්ටම් පුනරුත්ථාපන කදවුර වෙත යවා තිඛේ.  මෙලෙස වව්නියාවට යවා ඇත්තේ පිරිමි කණ්ඩායමක් පමණී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here