මීගමුවේදි නිවෙස්වලටම ගොස් එන්නත දුන්නේ කාටද ?

0
62

රෝගාබාධවලට ලක්ව නිවෙස්වලින් බැහැර විය නොහැකි අයට නිවෙස්වලටම ගොස් කොරෝනා එන්නත වහාම ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට අද (16) උපදෙස් දුන් බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මේ සඳහා ජංගම සේවාවක් කඩිනමින් අරඹන්නයිද ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

ජනාධිපතිවරයා මෙසේ දැනුම් දුන්නේ එන්නත්කරණය සහ ඊට අදාළ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් කොවිඩ් මර්දන කමිටුවේ සාමාජිකයන් සමග ජනාධිපති කාර්යාලයේදී අද (16) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීය.

මේ අතර මීගමුවේදි එන්නත පසුගිය කාලය තුලද නිවෙස්වලටම ගොස් ලබාදි තිබුන බවට වාර්තා විය. මේ ආකාරයෙන් එන්නත ලබා දි තිබුනේ ආබාධිත පුද්ගලයන්ට නම් නොවන අතර මිගමුව නගරාධිපතිවරයාගේ දෙමව්පියන්ට පමණක් නොව මිගමුව මහනගර සභාවේ සේවිකාවක් මෙන්ම නගරාධිපතිවරයාගේ සමිපතම මිතුරියකටද මේ ආකාරයෙන් නිවෙස්වලටම ගොස් එන්නත ලබා දි තිබුණ බව වාර්තා විය.