මීගමුවේදි හොරට කිරන මාළු කිලෝවට ඔබත් අසුවුණාද ?

0
90

fish-mkt1
(2.00 pm )අප දන්නා තරමින් මීගමුව නගරයේ මහ දවාලේ  අනිවාර්යෙන්ම   හොරට කිරන මාළු වෙළදපොළ ඇත්තේ මීගමුව කොටුව පිට්ටනිය අසල මාළු වෙළද සැලේය. එහි වෙළදුන් කිලෝවක් යනුවෙන් කිරන්නේ ග්‍රෑම්750 කි.
එම වෙළදුන් මාළු මිළදී ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන්ව රවටනු ලබන්නේ තරාදි කටුව බිංදුව ලගට තබා තරාදි තැටිය මාළු ලෑල්ල මත තබාගෙන තැටියේ බර ඇරලා පාරිභෝගිකයෙකු පැමිණි විට මාළු ලෑල්ල මත තිඛෙන තැටිය රැගෙන මාළු දමා තරාදිය මතින් තැබීම මගිනි.
පසුව එම පාරිභෝගිකයා එම කාරණාව නොදැනුවත්වම මාළු බෑගය රැගෙන යනු ලබනවා මාළු වෙළෙන්දට කිලොවකට  250ක වාසියක් අත් වනු ලැබේ.
මෙම තත්වය නිසි බරට කිරන වෙළදුන්ට බලවත් පහරක් වි ඇත්තේ ග්‍රැම් 750 කිලෝවට කිරන වෙළදුන් විසින් කිලොවක් මිළ අඩුවෙන් පවසා සිටින බැවිනි.
නිදසුනක් ලෙසින් හරි බරට කිරන වෙළෙදුන් සාලයා කිලෝවක් රු 150 කට අලෙවි කරන්නේ නම් හොරට කිරන වෙළෙන්දා එය රු 125 යි කියයි.
වරින් වර පොලිසියෙන් පැන මෙම හොර තරාදි ඇල්ලුවද මෙය් හොරට කිරිල්ල තවදුරටත් ක්‍රියාත්මකය.මෙම ලෙල්ලමේ නිල වශයෙන් පාලනය විය යුතුව ඇත්තේ මීගමුව මහනගර සභාව විසිනි. එහෙත් නිමල් ලංසා විසින් මෙහි පාලන බලය කිසිදු හේතුවකින් තොරව වැල්ලිවිදිය පල්ලියට පවරා දි තිබේ.
ඉතින් මෙසේ හොරට කිරන තරාදි ඇත්තේ පල්ලියෙන් පාලනය වන කොටුව පිට්ටනිය අසල ලෙල්ලමේය.

එම නිසා පාරිභෝගිකයන් මෙම කාරණාව ගැන සැළකිලිමත් වී මිලදී මාළු ලබා ගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා..
තුෂාර කැලම්