මීගමුවේ අධ්‍යාපන නිළධාරින් වැඩකරන්නේ දේශපාලකයන්ගේ කේලම් වලට අනුවද?

0
227

stock-photo-gossiping-camels-funny-animals-i-talk-you-listen-wry-smile-smiling-camel-talking-animals-287537483දේශපාලන අධිකාරිය විසින් දශක ගණනාවක් තිස්සේ පරිපාලන අධිකාරිය අඩපන කර ඔවුන් කුක්කන් ගාණට හදාවඩාගෙන සිටින පසුබිමක යහපාලනය මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුල විශාල වෙනසක් සිදුකරතැයි බලා සිටියද පසුගිය පාලන සමයේ දේශපාලන අධිකාරියේ කේලම් තවමත් බලවත් බව පෙනේ.
වක්‍රලේඛන අනුව සිදුකරනු ලැබිය යුතු නිතිමය  පදනම් සහිත මාරුකිරි්ම් තවදුරටත් සිදුකරන්නෙ  නම්දේශපාලන අධිකාරියේ හිතවතුන්ගේ ගේ සහ හිතවතියන්ගේ ඕනෑඑපා කම් පිණිස නම් කොහිද එහි යහපාලනයක් .
මීගමුවේ අධ්‍යාපන කාර්යාලයේ ප්‍රධානින් විසින් මෙවැනි දේශපාලනික මාරුකිරිම් සදහා දැනුත් කටයුතු කරන්නට සැදි පැහිදි සිටින්නේ නම් ඉන් කියැවෙන්නේ තමන්ද තවමත් කැමැති පරණ ක්‍රමයටම බවය.
අළුතින් පත්වු ඇමතිවරයෙකුගේ  මැදිහත්විම මත මීගමුව අධ්‍යාපන බලධාරින් පාසැලක විදුහල් පතිවරයෙකු මාරුකරන්නට මාන බලමින් සිටිති.
අපද ඔවුන් දෙස ඇස්පිය නොහෙලා බලාසිටින්නේමු.
ඒ ඔවුන්ට යහපාලනයේ පළමු පාඩම කියා දෙනු පිණිසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here