”මීගමුවේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන එකම නගරාධිපති මමයි.”

0
407
http://www.travelphotogallery.net/sri-lanka/negombo

sri-lanka-paula-on-the-negombo-beach-photo(5.05pm)මේ  හඬ  ඇසෙන්නේ  මීගමුව  නගරසභාවේ  ප්‍රධාන පුටුව  උසුලන  පුද්ගලයාගේ  ශ්‍රී මුඛයෙනි. නගරාධීපතිවරයා මෙම ප්‍රකාශය කරන ලද්දේ  පසුගිය 27 වනදා මිගමුව ජනාවබෝධ කේන්ද්‍රය විසින් සංවිධානය කළ ඉඩම් අහිමි ජනතාවගේ සාකච්ඡාවකට සහභාගී වූ අවස්ථාවේදීය.  මෙම  ප්‍රකාශය  ඇසූවිට  බැලූ බැල්මට නගරයේ ඇත්තේ ඉතා  සතුටු  දායක  තත්වයක්  බව  කෙනෙකුට  හැඟීමක්  ඇතිවීම  සාධාරණය.  මන්ද  මීගමුවේ  පවතින  ප්‍රශ්ණ  අතරින්  මෙය  ප්‍රධාන  එකක් වන බැවිනි. නමුත් නගරාධිපතිවරයාගේ   මේ ප්‍රකාශය   සහ  ඔහුගේ  භාවිතාව  අතර  ඇති  පරස්පරයක් මතුවේ.
පසුගියදා  දළුපත  ප්‍රදේශයේ  ඇලක්  වසා  තාප්ප  ගසා    ඇති  ස්ථානයක්  ගැන  දැනම් දීමෙන්  පසුව  එම  ස්ථානයට  පැමිණි වර්තමාන නගරාධිපති දයාන් ලාන්සා   මේ  තාප්ප  කඩා  ඉවත්  කළ යුතුයැයි   මහ  හඬක්  නගමින්  ගියබවත්,  නමුත්  නැවත  දින  දෙකකින්  පමණ පසු   එම  අදහස  ඉවත්කර  ගත්තේ  එක  පුද්ගලයෙකුගේ  අවශ්‍යතාව  මත බවටත්  අපට  තොරතුරු  ලැබිනග   එසේම  දළුපත  ගල්කටුව  පාරේ  අනවසර  ඉදිකිරීමක්  ඉවත්කරන්නට  ඉහලින්ම  ලැබුනු  නියෝගයක්  මත මීගමුව  නගරසභාව  පැමිණියද  පසුව එදිනම  පැය  කිහිපයකට  පසුව  එම  අදහස  ඉවත් කරගෙන  ඇත. ගමේ  අනුව  කථාව  දෝලාවෙන්යග  ගමන  පයින්ය.

මෙසේ  තිබියදී   වැල්ලවීදිය  ප්‍රදේශයේ  දුප්පත්  අසරණයෙකු  තමන්  ඉතා  අමාරුවෙන්  හරිහම්බකරගත්  මුදලින්  නිවස  ඉඩකඩ  මදිනිසා   කුඩා කොටසක  බිම සකසා  ඇත්තේ  තමන්ට  මෙය  ඉවත්කිරීමට  සිදුවේයැයි  කල්පනා  නොකල  බැවිනි.  ඊට  හේතුවූයේ  මෙසේ  සකස්කරගෙන  ඇත්තේ  තමා පමණක්  නොවන  බවට  අදහසක්  ඔහු තුළ  තිබුනු  බැවිනි.  නමුත්   මෙය  කඩා  ඉවත් නොකළොත්  නඩු පවරන  බවට  ඔහුට  නියෝග  ලැබී  ඇත.  අනවසර  නම්  ඉවත්කිරී‍මේ  බලය  තිබෙන  බව  අපි  දනිමුග  නමුත්  එය  ආරම්භ  කරන්නේ මේ  අසරණයාගේ  පැල තුළින්දැයි  අසන්නට  සිදුවී  ඇත. අපට  කිවහැක්කේ  නම්  පහත් තැනින්  යයි  ගලා ජලේ  කියාය.
මීගමුව වෙරළ තීරුවට සම්බන්ධ වෙරළ තීරය හෙවත් සංචාරක කලාපය තුළ  අනවසර  ඉදිකිරීම් 27ක් තිඛෙන බවට මේ වන විට සිදුකර ඇති සමීක්ෂණ වලින් තහවුරු කර අතැයි මීගමුව වෙරළ සංරක්ෂණ  දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසයි.  වැල්ලවීදිය  ප්‍රදේශයේ  තවත්   අනවසර    තැන්  තිබියදී   පුද්ගලික හෝ දේශපාලන පලිගැනීම් මත පමණක් ක්‍රියාත්මකවීම සදාචාරාත්මක නොවන බව නම් කිවයුතුය.
අධිකරණ නියෝග නොතකා මීගමු වෙරළේ  සිදුකරන අනවසර ව්‍යාපාර මෙන්න
‘ වියදම්  ඇස්තමේන්තුව පූර්ණ වූ පසු අනවසර හෝටල් ඉවත්කිරීමට අප සූදානම් ”
http://www.meepura.com/?p=56236

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here