මීගමුවේ අළුතින් ඉදිකරන සුපිරි හෝටලයේ හිමිකරුවන් කව්ද ?

0
106

general_front_2DNS group කියන  නම මේ දිනවල මීගමුවේ දේශපාලන කවයන් අතර කථාබහ වෙන්නට පටන් අරන් තියෙන නමක්.
ඒත් එක්කම මීගමුවේ සුපිරි පංතියේ විවාහ මංගල උත්සව ශාලවකුත් විවෘත වෙන්නට ලගයි.
මේ දිනවල එකේ වැඩකටයුතු ලහි ලහියේම සිදුවෙනවා.
ගැලිසන් කාර් සේල් එක කලින් තිබුන ඉඩමේ තමයි මේ අලුත් උත්සව ශාලාව සහ සුපිරි හෝටලය ඉදිවෙමින් තියෙන්නේ.
මේ සුපිරි හෝටලයේ වියදම රු ලක්ෂ 3300 ක් විතර වෙනවා කියල කථාවක් තියෙනවා.ගාන මොක වුනත් කටුනායක නගරය පහුකරගෙන කිලෝ මිටර් 3 ක් විතර මීගමුව පැත්තට යනකොට වම්අත පැත්තේ දැවැන්ත  අති සුපිරි ගොඩනැගිල්ලක් ලෙසින් මේ හෝටලයත් සුපිරි උත්සව ශාලවත් දිස්වෙනවා.grandiza2
පහුගිය කාලේ දේශපාලනය කරල අතේ සතයක් වත් දැන් නෑ ඒ හින්ද ඉඩම් පවා විකුණන්න වුනා කියන යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිධුරයක් දරන්නට තරම් වාසනාවන්ත වෙච්ච නිමල් ලංසා මේ ව්‍යාපාරයේ එක් හිමිකරුවෙක් කියලයි ආරංචිය.
අනික කෙනා තමයි ගැලිසන් කාර්සේල් එකේ හිමිකරු වන ඩන්ස්ටන් ගොළුහේවා.
ඔහු ඇමති නිමල් ලංසාගේ අතිජාත ව්‍යාපාරික මිතුරෙක්.general_front_1
මේ හෝටලයට බොරළු සමන්ත කියන පුද්ගලයාත් සම්බන්ධයි කියල අපි එක දවසක් පුවතක් පළකරද්දි ඒ පුවත පළවෙලා පැය 12 ක් යන්න කලින් ඩන්ස්ටන් ගොළුහේවා මහත්තයා අපට කථා කරල කිව්වේ .අනේ මේ හෝටලයට සමන්තගේ කිසිම සම්බන්ධයක් නෑයි කියල. මේක කරන්නේ එයත් එයාගේ පුතත් කියලයි එදා කිව්වේ.
නමුත් අප දන්නවා මේ සුපිරි හෝටල් ව්‍යාපාරයට සම්බන්ධ තුන්කට්ටුවේ තෙවැන්නා වෙන්නේ සමන්න කියල කෙනෙක්
මීගමුවේ සහ අවට වැඩි දෙනෙක් වැඩියෙන්ම ඔහුව හදුනන නම හරියටම ලියනව නම් බොරළු සමන්ත.general_pool_1
සෙරප්පු දාල පාපැදියකින්  මීගමුව නගර සභාවට ආව ගිය නිමල් ලංසා අද කෝටිපතියෙකු වි ඇතිවා සේම ඒ නිමල් ලංසාගේ  සියළුම බොරළු අවශ්‍යතාවයන්හි සැපයුම්කරු වෙච්ච බොරළු සමන්ත අද නිමල් ලංසාගෙ තවත් අතිජාත ව්‍යාපාරික මිතුරෙක් පමණක් නෙමේ බොරළු සැපයුම් ඇතුළු ඉදිකිරිම් ක්ෂේත්‍රයේ සැපයුම් අංශයේ කෝටිපති ව්‍යාපාරිකයෙක් .
ඩන්ස්ටන්,නිමල් සහ බොරළු සමන්ත කියන තුණ්කට්ටුව අද DNS කියන නමින් ප්‍රසිද්ධියට පත්වෙමින් එන ව්‍යාපාරික සමාගමයක් කියලත් ආරංචියි ……
රාජපක්ෂ රෙජිමයේ උපරිම අනුහසින් සහ අනුග්‍රහයෙන් මගහෙළිකරගත් මේ පිරිසගේ දියුණුවේ රහස ගැන මීගමුවේ ජනතාවට අළුතින් කියල යමක් ලියන්න අවශ්‍ය වෙන්නේ නෑ.
හේතුව ඒ ගැන නොදන්න කෙනෙක් නැති නිසා ….