මීගමුවේ ආණ්ඩුපක්ෂයේ බරපතල අර්බුදයක් ?නායකයන් මුහුණු නොබලන තරම් දුරගිහින් ?

0
104

currution-newජනාධිපතිවරණය ගැන සාකච්ජා කිරිම සදහා මීගමුව ආණ්ඩු පක්ෂ සංවිධායක ඇමති සරත් ගුණරත්න විසින් කැදවා තිබුණ රැස්විමට නොයන ලෙස ඇමති නිමල් ලංසා සියළුම නාගරික මන්ත්‍රිවරුන් වෙත දැනුම් තිබුණේ යැයි වාර්ථා වේ.
එහෙත් මේ කිම නසා එහි ගොස් ආණ්ඩු පක්ෂ ප්‍රධානින් කිපදෙනෙකු එහි ගොස් තිබුණි. නගරාධිපති ඇන්ටනි ජයවිර නියෝජ්‍ය නගරාධිපති එම් සකාවුල්ලා සහ නාගරික මන්ත්‍රි කපිල නන්ද සුලෝචන මේ පිරිස අතර විය.
කෙසේ වෙතත් මෙහි ප්‍රථිඵලයක් ලෙසින් දැන් ඇමති නිමල් ලංසා මෙසේ තමන්ගේ කිම නෑසු ඇතැමුන්ගේ මුහුණ වත් නොබලන තත්වයක්  දක්වා තත්වය වර්ධනය වි ඇතැයි සැලය.
මේ අතර මේ විරසකයේ ප්‍රතිඵලයක් ලෙසින් නගරාධිපතිවරයා වෙත එරෙහිව මඩ ප්‍රචාරය සැලැසුම් සහගතව දියත් කිරිමේ සැලැස්මක් ඇති බවද නගරාධිපතිවරයා විසින් වරක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි.මේ මඩ ව්‍යාපාරය සැලසුම් කිරිම භාරගෙන ඇතැයි වාර්ථා වන්නේ මීගමු නගරික මන්ත්‍රි මණ්ඩලයේම ප්‍රබලයෙකු විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here