මීගමුවේ ආපනශාලා පිරිසිදුද ? සෞඛ්‍ය බලධරයෝ තාමත් බුදිද ?

0
274

වට්ටක්කා ළුණු කපන්නේ වැසිකිලි වල උඩ.මේ මීගමුවේ 2006 වසරේ ප්‍රධාන ආපන ශාලාවක තත්වයයි.

හෝටල් වල ප්‍රමිතිය වර්ගිකරණය සදහා ක්‍රියාත්මක H 800 වැඩසටහන මීගමුව තුල ක්‍රියාත්මක කරන්නට සුදානම් වුයේ 2006 පමණ සිටය.   එහෙත් එය කිසිදාක එළියට පැමිණිෙය් නැත.    එදා මෙදා තුර සෞඛ්‍ය අංශයට අදාල සියළුම බලධරයන්ගෙන් මේ ගැන විමසා සිටිය  ද ලැබුණේ  එකම පිළිුතුරකි.ට හරියටම මාස 6 කට කලින් අප හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීරගෙන් මේ පිළිබදව විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ කෙසේ හෝ සිය පාලනය කාලය නිමවෙන්නට කලින් මේ වර්ගිකරණය සිදුකරන බවය.
එනම් බාලගිරි දෝෂය අද නොවේ හෙට යනුවෙනි.   එහෙත් මේ සෞඛ්‍ය ලොක්කන්ගේ හෙට කිසිදාක උදාවුයේ නැත.
මේ නිසාම   මීගමුවේ    ආහාර පාන ක්ෂේත්‍රයේ වෙළෙන්දෝ ඇති තරම් පිස්සු කෙලිති.    මෙය කොයිතරම් නම්    බරපතල දැයි කිවොත්    මීගමුවේ    සුපිරි බස්නැවතුම්    ඩිජිටල්කරණය වි තිබුනද   එ් භූමියේ ඇති වැසිකිලියට මීටර් 20 ක් එහායින් දැන් හෝටලයක් පටන් ගෙන ඇත.
කද පමණක් ඩිජිටල් ඔළුව කචල්    පාලකයන්ගේ   පාලනයේ    ඇත්තම     ඇත්ත මෙයයි.මෙහිදි අවධාරණය කළ යුතු තවත් එක් කරුණක් වේ.
එනම් ගණිතඥයන් අවැසි තැනට නැට්ටුවන් පැමිණි විට සිදුවිය හැක්කේ කුමක්ද යන්නයි.
මීගමුව නගර සභාවේ නාගරික මන්ත්‍රි මණ්ඩලය තුල වෛද්‍යවරයෙකුද විය . එහෙත් මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කමිටුවේ නායකත්වය ඔහුට කිසි දිනක ලැබුනේ නැත.
එය ලැබුනේ අපොස සා/පෙළ වත සමත් නැති සෞඛ්‍ය ගැන මෙලෝ මලබෝලයක් නොදන්නා දයාන් ලංසා වෙතය.
ඉතින් මීගමුවේ ආපනශාලවල තත්වය ඉහල යයිද ?
අද රාත්‍රියේත් පෙරියමුල්ලේ  සියළුම රාත්‍රි    කඩවල කොත්තු    අල්ලනේත් ,    රයිස්    වලට රෝස්ට්    කුකුල් කෑලි ඉරාදමන්නේත්     දාඩිය පිරුණු අත්වලින්මය.
සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි තුමෙනි කෝ   බල්ටි ???    විසිල් විතරමයිනේ??

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here