මීගමුවේ ඉඩම් කොල්ලයට එජාප මන්ත්‍රිලා උඩගෙඩි දෙයි.

0
88

මීගමුව මහ නගර සභාවේ ජුනි මස මහසභා රැස්විමේදි නගරයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සිදුවිමක් විය.විපක්ෂ නායක රොයිස් විජිත මහතා විසින් මහනගර සභාවට අයත් ඉඩම් කොල්ලකා ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන් විසින් නගරයේ ව්‍යාපාරිකයන්ට අලෙවි කිරිමට අදාලව කරුණු සහිත චෝදනාවක් යෝජනාවක් ලෙසින් ගොනුකර තිබුණි.

එය සැකෙවින් මෙසේය.

මීගමුව ග්‍රින්ස් පාරේ වරිපනම් අංක 104 ඒ(වත්මන් රහිමියා හෝටලය)ඉදිකිරිම සදහා එම් .ආර්.නිවාස් යන අය විසින් ඉදිරිපත් කළ අංක බීඒ/49/2007 අයදුම්පත්‍රයට අනුමැතිය ලබාදිමේදි නාගරික සංවර්ධන අධිකාරියේ නියෝගයන්ට හා මහනගර සභා ඉදිකිරිම් රෙගුලාසි වලට පටහැනිව කටයුතු සිදුවි ඇති හෙයින්ද,ඉහත කි අයදුම් පත්‍රයට අදාල ඉඩමට යාබදව පිහිටි මීගමුව ග්‍රින්ස් පාරේ වරිපනම් අංක 104 බී/106/106 ඒ/106 බී/දරණ ගොඩනැගිලි හා භුමියේ මීගමුවමහනගර සභාව සතු ඉඩමේ කොටසක් ඉහත අයදුම්පත් ලාභියාට අයිතිකරගන්නට මෙම අයදුම්පත අනුමත කළ බලධාරින් ඉඩ සලසා ඇති හෙයින්ද,එකි චෝදනා පරික්ෂා කිරිමට කමිටුවත් පත්කර වාර්ථාවක් ලබාගෙන එම කමිටුවේ නිරිදේශ මත යම් වැරැද්දක්  හෝ දූෂණයක්  හෝ අක්‍රමිකතාවක් සිදුකර ඇත්නම් එයට හවුල්වුවන්ට නිසි දඩුවම් ලබාදිය යුතුයැයිද,මෙම කමිටුවේ සංයුතිය නාගරික සංවර්ධන අධිකාරියේ  නියෝගයන් හා මහනගර සභා රෙගුලාසිද පරිසර අධිකාරියේ නියමයන්ද පිළිබඳ මනා දැනුමක් ඇති බුද්ධිමතුන්ගෙන් සමන්විය යුතුයැයි යෝජනා කරන්නීය.

මෙම යෝජනාව සාකච්ජාවට ගැනුණ මහසභාව සදහා නගරාධිපතිවරයා පැමින නොසිටි හෙයින් එදින සභාව මෙහෙය වන ලද්දේ නියෝජ්‍ය නගරාධිපති සේපාල මොරවක මහතා විසිනි.සභාවේ නිතිප්‍රකාර මේ යෝජනාව විපක්ෂයේ මන්ත්‍රිවරයෙකු විසින් ස්ථිර කළ යුතුව තිබුනද ඒ සදහා විපක්ෂ කණ්ඩාමේ ලේකම් වන කැලිසන්ජයකොඩි මන්ත්‍රිවරයා හෝ වෙනත් කිසිවෙකුත් ඉදිරිපත් ව නොසිටියේය.මෙහි වඩාත් හාසජනක සිදුවිම වනුයේ ආණ්ඩු පක්ෂය විසින් මෙම යොජනාව ස්ථිර කර නැතැයි රිති ප්‍රශ්ණයක් මතුකළ අවස්ථාවේ විපක්ෂ නායක රොයිස් විජිත මන්ත්‍රිවරයා කැලිසන් ජයාකොඩි මහතාගෙන් තෙවරක්ම එය ස්ථිර කළා නේදැයි විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා තිබුනේ තමා එසේ නොකළ බවය.මේ හේතුව නිසාවෙන් නගරයේ සිදුව තිබු දැවැන්ත ඉඩම් කොල්ලයක් පිළිබද සාකච්ජාව හමාර කරන්නට විපක්ෂ නායකවරයාට සිදුව තිබුණි.මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරුදුන් විපක්ෂ කණ්ඩායමේ ලේකම් කැලිසන් ජයකොඩි මන්ත්‍රිවරයා පවසා සිටියේ මේ යෝජනාව ගෙන ආ මොහොතේ තමන් සභාවේ නොසිටි බවත්,තම කණ්ඩායම් රුස්විමේදි තමන් මේ යෝජනාව ස්ථිර නොකිරිම සහ අනික් අය ඉදිරිපත් නොවිම සිදුවු පොඩි අඩුපාඩුවක් බව ද පවසා සිටියේය.