ඉඩම් භාවිතය ගැන වගකිමක් දරන නිළයක් සෑම දිස්ත්‍රික්කයටම වේ.නගරයක ප්‍රසස්ත ඉඩම් භාවිතාව ගැන තින්දු ගතයුතුව ඇත්තේ ඒ නගරයේ අනාගතය අවශ්‍යතාවන් පවා විග්‍රහකරගනිමින් ඒ සියල්ලට අනුරුප වන සේය.
එහෙත් මීගමුව තුල ඉඩම් ප්‍රශස්ති ඉඩම් භාවිතාව යනු නගරයක අවශ්‍යතාවය මත සිදුවන්නක නොව ලංසා පවුලේ මනාපය මත සිදුවන්නකි.
වැල්ලේ කඩයක් දාගැනිමට නිශාන්තලාට ඇවැසි වු වැල්ලේ වෙරළ සංසරක්ෂණ නීති බල්ලාට දමා වෙරළ සංසරක්ෂණයේ රූපසිංහලාගේ කැමැත්ත ඇතුව හෝ නැතිව කොළඹින්ම අවසර ගෙන වැල්ල නිශාන්තලාට අවැසි සේ පාලනය කිරිමය.
එමෙන්ම ශා.මරියා විදුහලේ ආදි සිසුන්ට තමන්ගේ උවමනාවන් සදහා ගොඩනැගිල්ලක් හදාගන්නට ඇවැසි වු විට ඔවුන් කරන්නේ දයාන් ලංසා සොයා යෑමය.
එපමණක් නොව මීගමුවේ ඡායාරුප ශිල්පින් යනු පොදු සමාජ යහපතක් වෙනුවෙන් මෙලෝ මළ බෝලයක් නොකරන අතිබහුතරයක් සිටින් වෙළෙන්දන් පිරිසක් පමණි.
අතලොස්සක් පමණ හොද මිනිසුන් සිටිති.
එහෙත් මේ අයට නගර මධ්‍යයේ තමන්ගේ නම් තැබු ගොඩනැගිල්ලක් අවැසි වු විට නිමල් ලංසා ලවා ඒය වෙන් කරගන්නේය.,
තියෙන රැස්විමක්ද නැත.
එහෙත් වසා තබා තියාගන්න හෝ කාර්යාලයක් ඇවැසි යැයි මීගමුවේ ෆොටෝ කාරයෝ හිතන නිසා නගර මැද්දේ ඉඩමකට විදගන්න ඔවුන්ට හැකිව තිබේ.
නිමලං ලංසාද එය තමන්ගේ තාත්තාගේ බුදලයක් යැයි සිතා ෆොටෝ කාරයන්ට ඉඩම් කෑලි දෙති.
මීගමුව යනු අද එහෙම පිටින්ම කිසිදු ප්‍රතිපත්තියක් ඇතිව පාලනය වන නගරයක් නොවේ.
පරිපාලන අධිකාරිය යනු දේශපාලන අධිකාරියේ එහෙම පිටින්ම අතකොළුය.
එවැනි පසුබිමක් යටතේ මීගමුව අලුතින් ගොඩනගනාව යන්න බරපතල අභියෝගයකි.