මීගමුවේ උපනගරාධිපති අද සිය නිළරථයෙන් ගියේ රාජකාරි ගමනක්ද ?

0
96
cab
ජයාරූපය අන්තර්ජාලයෙනි

මීගමුව මහනගර සභාවේ දේශපාලකයන් මහජන දේපොල භාවිතා කරන්නේ එවා තමන්ගේ අම්මලා අප්පලාගෙන් ලැබුන දේපල ලෙසින්ය,
ඇමති ලංසාගේ මල්ලි මඩපල්ලියේ තැනෙන මඩුවන්දනා නිකේතනයට ගල් වැලි අදින්නේද බදුගෙවන ජනයාගෙන් නඩත්තු වන බූම් ට්‍රක් රථයෙනි.ඒ නාගනරික මන්ත්‍රිවරයෙකුගේ වැඩය.
අද අපට වාර්ථා වන්නේ නියෝජ්‍ය නගරාධිපතිවරයා සිය නිලරථයද රැගෙන ගිය ගමනක් ගැනය.
ඒ මීගමුව නගාරික සිමාවෙන් සැතපුම් 200 කටත් එහා ගමනක් සදහාය.
ඒ රථයේම තවත් වැදගත් අයෙක්ද සිට ඇත.
මහජන මුදලින් මේ සියළු දෙනා ගොස් ඇත්තේ අප්පොච්චා බලන්ඩදෝ යැයි බදුගෙවන්නෝ අසති.
රජ්‍ය දේපල අවභාවිතය ගැන ඊයේ සවස්වරුවේ මීගමුව නාගරික  කොමසාරිස්වරයා විසින් සියළුම පරිපාලන නිළධාරින් කැදවා විශේෂ සාකච්ජාවක්ද පවත්වා ඇතැයි වාර්ථා වේ.
එහෙත් දේශපාලන අධිකාරිය වැඩකරන්නේ  මේ කිසිදු නිතියක් සැලකිල්ලට ගෙන නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here