මීගමුවේ එජාප නිති ලේකම්ට මහජන අප්‍රසාදය

0
54

චමිලා දිසානායක මෙනවියගේ මරණයේ ඝාතන සැකකරු වන සුදර්ශන බාලගේ වෙනුවෙන් පෙනි සිටින මීගමුව එක්සත් ජාතික පක්ෂයේ නිති ලේකම් වන ශ්‍රිලාල් මහතා පිළිබදව මහජන අප්‍රසාදය පළව ඇත්තේ අද මීගමුවේ පැවැති උදඝෝෂණයේදිය.
මේ සම්බන්ධයෙන් අප එජාප මීගමුව ආසන සංවිධායක වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා සිටියේ තමන්ද මේ සම්න්ධයෙන් තමන්ගේ ආසනයේ නිති ලේකම් නිතිඥ ශ්‍රිලාල් මහතාගෙන් ඊයේ  විමසා සිටි බවයි. ඔහු විසින් පෙනි සිටින වෙනත් කිසිදු නඩුවක් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු විමසිමක් තමන් විසින් සිදු නොකළද මේ ගැන විමසා සිටින්නේ දැනටමත් මීගමුවේ ඇතැම් පිරිස් මේ ගැන අප්‍රසාදය පළකර ඇති නිසා බවද පවසා සිටිෙය්ය.
චමිලා දියණියගේ ඝාතනය මුළු මනින්ම තමන් විසින් හෙළා දකින බවත් ඒ වෙනුවෙන් පෙනි සිටින නිතිඥයන් තමන්ගේ හෘද සාක්ෂියට අනුව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද වැඩිදුරටත් පවසා සිටියේය.
තවදුරටත් දොස්තර ජයලත් ජයවර්ධන මහතා පවසා සිටියේ තමන් මේ සම්බන්ධයෙන් නිති ලේකම් නිතිඥ ශ්‍රි ලාල් මහතා ගෙන් විමසා සිටි අවස්ථාවේ දි ඔහු පවසා ඇත්තේ මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස් නිළධාරින් ප්‍රබන්ධයක් ගොතා ඇති බැවින් තමන් මේ නඩුවට මැදිහත් වු බවය. එමෙන්ම මේ නඩුවෙන් පසු තමන් පොලිසියට එරෙහිවද ක්‍රියාත්මක වන බවද පැවසු බවය.එමෙන්ම තමන් පක්ෂයෙන් නායකත්වය වෙතද මේ බව දැනුම් දි ඇති බවය.
එමෙන්ම නම සදහන් කිරිමට අකැමති මීගමුවේ ක්‍රියාකාරි එජාප ප්‍රධානියෙකුද පවසා සිටියේ මේ නඩුවට තමන්ගේ පක්ෂයේ ප්‍රධාන නිළයක් දරන්නෙකු මැදිහත්ව ඇති බව දැනගත්තේ ඊයේ බවත් තමන්ද කිසි ලෙසකින් වත් එය අනුමත නොකරන බවත්ය.
අද මේ උද්ඝෝෂණයකට සහභාගිව සිටි කාන්තා ක්‍රියාකාරිණියක් පවසා සිටියේ චමිලාගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්ථාවේ ඉතා පැහැදිලිව චමිලා රෝහලෙන් බිමට දමන්නට විනාඩි ගණනකට පෙර චමිලාව දූෂණය කර ඇති බවත් අදාල චූදිත වෛද්‍යවරයා ලිංගික උත්තේජකද භාවිතා කර ඇති බවත් එහි සදහන්ව තිබියදි මීගමුවේ එජාප ශාඛාවේ වගකිවයුතු නිළයක් දරන්නෙකු මේ ඝාතනය ප්‍රබන්ධයක් යැයි කිම පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් මුදල් වෙනුවෙන් මේ යුක්තිය පවා දෙන සියළු දෙනාව මනුසත්වයේ නාමයෙන් තරාතිරම නොබලා හෙළිදරව් කළ යුතු බවත් මීළඟ නඩු වාරයේදි ඒ සම්බන්ධයෙන් පුළුල් මහජන කතිකාවක් ගොඩනැගිමට බලාපොරොත්තු වන බවත් පවසා සිටියාය.