මීගමුවේ එජාප පරාජයේ වගකීම දොස්තර ජයලත් භාරගත යුතුයි.

0
35

මීගමුවේදි ආණ්ඩුව පරාඡයට පත්වේ  යැයි සිතා සිටියද වැඩි ඡන්ද 12000 කින් ආණ්ඩුව ජයගත්තේය.එහෙත් පරාජිත එජාපයේ රොයිස් විජිත මහතා නගරයේ ජනප්‍රියම මන්ත්‍රිවරයා බවට පත්වෙමින් මනාප 21642 ක්  ලබාගත්තේය.ආණ්ඩුවේ දැවැන්ත මුදල් පොම්ප කිරිම් හරහා සිදුකළ කඩිනම් සංවර්ධන සංග්‍රාමය හමුවේ  කැපිපෙනෙන  මැතිවරණ සටනක් එජාපයෙන් තිබුනේ රොයිස් විජිතගේ පමණක් යැයි අප අමතා කරුණු දක්වා  සිටි පැරණි එජාප නායකයෙකු සදහන් කළේය.එමෙන්ම ඔහු තවදුරටත් පවසා සිටියේ මීගමුව එජාප ආසන සංවිධායයෙකු දොස්තර ජයලත් ජයවර්ධන ආණ්ඩුවට එරෙහිව ශක්තිමත් ඒකාබද්ධ මැතිවරණ සටහනක් මෙහෙයවනවා වෙනුවට මීගමුවේ අපෙක්ෂකයන් අතර කල්ලි කණ්ඩායම් බිහිකරන්නට කටයුතු කළ බවය. මේ  අනුව මීගමුවේ එජාප නගරාධිපති අපෙක්ෂකයෙකු නම් කර නොතිබුනා පමණක් නොව කණ්ඩායම් නායක‍යෙකුද පත්කර තිබුනේ නැතැයි තවදුරටත් ඔහු පවසා සිටියේය.

මේ පසුබිම යටතේ එජාප නගරාධිපති අපේක්ෂකධුරය  විහිළුවට ලක්කෙරෙමින්  විවිධ අපෙක්ෂකයන් පොස්ටර් ගහන්නට පවා පටන් ගති.තලාහේන පේරුවේ කැලිසන් ජයකොඩි මින් එක් අයෙකි. ලක්ෂ්මන් ප්‍රනාන්දු  (ලකි 7 )තවත් අයෙකි.මේ අය නව පුරපති තමන් යැයි හදුන්වා ගනිමින් පොස්ටර අලවා තිබුණි.එහෙත් කැලිසන් ජයකොඩි ලබාගෙන තිබුනේ මනාප 3845 කි. ලක්ෂ්මන් ප්‍රනාන්දු  (ලකි 7) ලබාගෙන තිබුනේ මානප 857 . මේ දෙදෙනා දොස්තර ජයලත්ගේ ප්‍රධාන ආධාරකරුවන් බවද අප ඇමතූ එජාප පැරණි නායකයා පවසා සිටියේය.