මීගමුවේ එජාප මන්ත්‍රි කණ්ඩායම් රැස්විමට පැමිණි අමුතු කෙනා කව්ද ?

0
77

images aඕනෑම පක්ෂයක මන්ත්‍රි කණ්ඩායම් රැස්විම යනු එකි මන්ත්‍රින්ගේ සහභාගිත්වයෙන් පමණක් පැවැත්වෙන එකකි.එහෙත් පසුගියදා මීගමුවේ එජාප මන්ත්‍රි කණ්ඩායම් රැස්විමට අමුතු කෙනෙකු පැමිණ තිබුණි.
ඔහු මන්ත්‍රිවරයෙකු නොවන අතර කිසි දිනක එසේ විය හැකි අයෙකුද නොවේ.
කෙසේ වෙතත මේ තැන්ත්තා අමුතුය.
ඔහු එජාප ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධනට අමතන්නේ මල්ලි කියාය.
පෙරලා ආසන සංවිධායකවරයාද අයියේ  කියා අමතයි.
කෙසේ වෙතත් මන්ත්‍රි කණ්ඩායම් රැස්විමට පිටස්තර අයෙකුට පැමිණිමට නොහැකි බව ඇතැම් මන්ත්‍රිවරුන් විසින් මෙහිදි පෙන්වා දි තිබුණි.
එජාප නව කාර්යාලය අද පෙරවරුවේ සජිත් ප්‍රේමදාස මහතාගේ නැගණිය විසින් විවෘත කරනු ලැබ තිබේ.
ඒ කාර්යාලයේ කුලිය වෙනුවෙන් මේ අමුතු කෙනා රුපියල් ලක්ෂයක මුදලක් ලබා දි ඇති බවද සැලය.
මේ පුවත දැනගත් දළුවකොටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු තමන්ට ලැබිය යුතු රුපියල් කෝටි ගණනක ණය මුදල ඉල්ලා මේ අමුතු කෙනා පසුපස යන්නට පටන්ගෙන ඇති බව මිපුරට කියා සිටියේ නම සදහන් කිරිමට අකමැති එජාප මන්ත්‍රිවරයෙකි.