මීගමුවේ එජාප සංවිධායකධුරය දොස්තර කාවින්ටද ?

0
71

dr.Kavinda 2මීගමුව් එජාප ආසන සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මංකොල්ලයක සැකකරුවෙකු ලෙසින් බන්ධනාගාරගත කොට මාස 9 ක් වේ.
මුල් මාස 3  ඔහුව රදවා තිබුනේ ත්‍රස්තාවාදය වැලැක්විමේ පණත යටතේ පැලිගොඩ පොලිස් අධිකාරි කාර්යාලය තුලදිය.
අදාල පණත යටතේ තවදුරටත් ඔහුව රදවා තබාගැනිමට සාක්ෂි සපයා දිමට පොලිසිය අසමත් විම නිසා ගිනිඅවි පණත යටතේ පසුව ඔහුව බන්ධනාගාර ගත කෙරුණි.
කෙසේ වෙතත් එදා මෙදා තුර කාලය ඇතුළත අධිකරණයමය ක්‍රියාමාර්ග කඩිනම් කොට තම අසාන සංවිධායකවරයාව නිදහස් කරගැනිම සදහා කිසිදු සක්‍රිය ක්‍රියාමාර්ග වලට පැමිණිමට නොහැකි වු මීගමුව එජාප බලධාරින්ගෙන් ඇතමෙකු දැන් කුමන්ත්‍රණය කරන්නේ බොරදියේ මාළු බාන්නටය.
එනම් දොස්තර ජයලත් ජයවර්ධනගේ පුත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි දොස්තර කාවින්ද ජයවර්ධනට මීගමුවේ ආසන සංවිධායක කම ලබා දිමටය.
කෙසේ වෙතත් දොස්තර කාවින්දගේ ආධාරකරුවන් දැනටමත් මේ සදහා සුදානම් වෙනු පෙනේ.
පහත දැක්වෙන්නේ මීගමුව මුල්කරගෙන අරඹන්නට සුදානම් වෙමින් ඇති බ්ලෝග් අඩවියකි.

http://negombotoday.blogspot.com/2014/10/negombo-new-unp-acting-organizer-dr.html

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here