මීගමුව එජාප සංවිධායක පාර්ලිෙම්න්තු මන්ත්රි දොස්තර කාවින්ද ජයවර්ධන මිගමුවට පැමිණි පසු කුරණ ප්රදේශයේ කාර්යාලයක් ආරම්භ කළ අතර පසුව එය වසා දමා තිබුණි.ඒ වෙනුවෙන් ගෙවිය යුතු හිඟ කුලියක්ද වු බව එකල සැලවිය.
ඉන් අනතුරුව ජනපතිවරණ සමයේ නව කාර්යාලයක් මිගමුව මාරිස්ටෙලා විදුහල ආසන්නයේ ප්රධාන පාරේ පිහිටුවා තිබුණි.
දැන් වාර්ථා වන අන්දමට ඒ කාර්යාලයද මේ වන විට වසා දමා ඇත.
මේ අතර නාමපුවරුවක් සහිතව කාර්යාලයක්ද ,එජාප ක්රියාකාරින් යන එන තැනක්ද ලෙසින් දැනට ඇත්තේ එජාප හිටපු සංවිධායක රොයිස් විජිතගේ තලාදුව පාරේ පිහිටි කාර්යාලය පමණක් බව වාර්ථාවේ.ජාඇල සිට මිගමුවට පැරිෂුට් ක්රමයෙන් පිවිසි එජාප සංවිධායකයා දැන් සැබැවින්ම මුහුණ දි ඇත්තේ අභියෝගයකටය.