මීගමුවේ කිතුණුවන්ට පාස්කු ප්‍රහාරය අමතක වෙලාද ?

0
480

පාස්කු ප්‍රහාරයේ මිනිමරුවන්ට යුක්තිය ඉල්ලා සෑම මසකම 21 වනදිනකම මිගමුවේ බාල්දි හන්දියේදි සිදුකරන උද්ගෝෂණය අදත් එම ස්ථානයේදි සිදුවිය. මෙම විරෝධතාවය වෙනුවෙන් මිගමුවේ පුරවැසි එකතුව පෙරමුන ගන්නා අතර තවත් සිවිල් සංවිධාන නියෝජතයන්,දේශපාලන කන්ඩායම් වල සාමාජිකයන් මෙම විරෝධතාවයට එක්වෙයි. එළඹෙන අප්‍රේල් මස 21 වනදාට ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය සිදුවි  වසර 05ක් සපිරෙයි.  බරපතල ලෙස මිගමුවේ  ජීවිත දෙසිය ගණනක් බිලිගත් කටුවපිටියේ බොම්බ ප්‍රහාරයේ වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවන්නට වගකිවයුත්තන් සමත්වි නොමැත. පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරවා ගැනිමට ඇති උවමනාව ඇත්තේ සිවිල් සංවිධාන වලට පමනද යන ප්‍රශ්නය යොමුකල අවස්ථාවේදී   මානව හිමිකම් ක්‍රියාකාරී බ්‍රිටෝ ප්‍රනාන්දුගේ  මෙසේ අදහස් දක්වන ලදි.

”බිෂොප් ,මැල්කම් රංජිත් ලොකූ උත්සාහයක් ගත්තා එයා මුලිදි මහින්දගේ  ආණ්ඩුවත් එක්ක හිටියත් එයා ලොකු උත්සාහයක් ගත්තා පාස්කු ප්‍රහාරෙය් මහ මොලකාරයව එළිදරව් කරන්න.එයා පල්ලියේ  ඇතුලේ ගෙනිච්චි සටනට පල්ලියේ යම් සහයෝගයක් තිබුණත් ඒක විශාල බලපෑමක් බවට පත්වුණේ නැ.

පල්ලිය පාස්කු ප්‍රහාරය සමරනවා හැරෙන්නට ඒ වෙනුවෙන් යුක්තිය ලබාගැනිමට ජනතාව පෙළගැස්විමක් සිදුකරන්නේ නෑ.බිටෝ
අපි හිතන හැයියට පල්ලියෙන් එහෙම්ම සහයෝගය ලැබුනේ නැහැ.නමුත් සමහරක් වෙලාවට පාරට එන්න කිව්වාම පූජාව ඇරිලා ඇවිත් හිටගන්නවා මිසක මිනිස්සුන්ගේ අභ්‍යන්තරය හදන්න පල්ලියේ මැදහත්වීම ප්‍රමාණවත් වුනේ නැහැ.
අවුරුද්දකට වරක් කරන සැමරුමක් ඇරෙන්න ප්‍රශ්නයට උත්තරයක් හොයන්න කරන බලකිරීමක් හැටියට මැදිහත්විමක් අපට පෙනෙන්නේ නැහැ.
කාදිනල් හිමි තනියමත් ලොකු උත්සාහක් කරනවා ඒ උත්සාහයට පල්ලියේ හැම ස්වාමි කෙනෙකුගේම සහයක් නැ.
අනිත් පැත්තෙන් අපිට ලැජ්ජා හිතෙන කාරණයක් තමයි පහුගිය දිනවල තිබුන ලෙල්ලමේ ප්‍රශ්නයේදී පල්ලියේ හැම එකාම වගේ පාරට ඇවිත් හිටගත්තා.
පාස්කු ප්‍රහාරය සැමරුමට අවුරුද්දකට වරක් හිටගන්න එක ඇත්ත. නමුත් එදා අපේ ලෙල්ලම අපිට දියව් කියලා පාරේ හිටගත්තා.එතනදි කවුද හරි කවුද වැරදි කියලා අපි දන්නේ නෑ. නමුත් එතන තිබුනේ මුදල් පිළබඳව ප්‍රශ්නයක්.නමුත් ජීවිත දෙසිය ගානක් වෙනුවෙන් යුක්තිය පතලා මිනිස්සුන්ව පාරට ගේන්න පල්ලියට බැරිව ගියා.