මීගමුවේ කූට ලේඛණ ඔස්තාර්ලා මහසභාවේ නඩු අසති !

0
54

bribery-1new(7.00 am )මීගමුව මහනගර සභාවේ වත්මන් නගරාධිපතිවරයා උපනගරාධිපතිව සිටි සමයේ එහි එක්තරා කුප්‍රකට සේවකයෙකු වු ලෙනාඩ් නැමැත්තා මගින් දයාන් ලංසාගේ විදුලි අංශයේ සේවකයෙකු වෙනුවෙන් කූට ලේඛණයක් සකස් කිරිම පිළිබදව හෙළිදරව් විය.
මේ ගැන පරික්ෂණයක් සදහා හිටපු කොමසාරිස්වරියා විසින් මීගමුව පොලිසියට යොමුකළ බව අපද වාර්ථා කර ඇත.
මේ අනුව මීගමුව මහනගර සභාව යනු කූට ලේඛණ ගුහාවකි.හොර අධ්‍යාපන සහතික වල සිට හොර තනතුරු ඇතුළු නහුතයක් දැ මිට ඇතුළත්ය.
මෙහි ඇති තතු මෙසේ වෙද්දි පසුගිය මහසභාවේදි හිටපු නාගරික මන්ත්‍රිවරයෙකුට එරෙහිව කූට ලේඛණ පිළිබදව චෝදනාවක් ගොනුකරමින් නගරාධිපතිවරයා සත්තමක් දමා තිබුණි.
ඒක ඇගිල්ලක් අනුන් වෙතට දිගුකරද්දි තමන් වෙත නිරායාසයෙන්ම ඇගිලි 3 ක් දිගුව තිබෙන බව තේරුම් ගැනිම මෙවන් නගරාධිපතිවරුන්ට තවත් බොහෝ කල් යනු ඇත.