මීගමුවේ ඛේදවාචකයට ආධාර එකතුකිරීමේ මුවාවෙන් බොරදියේ මාළු බෑවේ කව්ද ?

0
114

FB_IMG_1556007986949

(4.20 pm ) මීගමුව,  කටුවපිටිය  දේවස්ථානයේ  පසුගිය  දිනවල  ඇතිවූ  ව්‍යසනය  පාදක  කර ගනිමින්  මීගමු  මහ  රෝහල  වෙත  පුද්ගලික  පරිත්‍යාගශීලීන්ගෙන්  අවශ්‍යව  තිබූ  උපකරණ  සහ  අනෙකුත්  ද්‍රව්‍ය  සඳහා    විශාල  ආධාර  ප්‍රමාණයක්  ලැබුනු බව  රෝහල්  පදනමේ  සභාපති  ක්‍රිශාන්ත  දල්පදාතු  මහතා  අප   සමඟ  පැවසීය.  ඒනිසා  මේ වනවිට  එවැනි  ආධාර  තවදුරටත්  අවශ්‍ය  නොවන  බවත්  ඔහු  පැවසීය.  මෙම  තත්වය  විමසා  බැලීම  උදෙසා  අප  මීගමු  රෝහලේ  අධ්‍යක්ෂක  චන්ද්‍රගුප්ත  රණසිංහ  මහතා  දුරකථනයෙන්  සම්බන්ධ  කර  ගතිමු. ඒ ගැන  ඔහු  ප්‍රකාශකළේ  මෙවන්  අදහසකි.

අපට  පුද්ගලිකව  යම්යම්  අයගෙන්  ආධාර  ලැබුනා. නමුත්  මෙම  අවස්ථාව  දඩමීමා  කරගනිමින්  සමහර  අය  පුද්ගලික  දුරකථන  අංක  සහ  ගිනුම්  අංක  යොදා ගනිමින්  එවැනි  ආධාර  එකතුකිරීමේ  කටයුතුවල  යෙදෙන  බවට  ආරංචි  ලැබුනා.  මම  එවැනි  අයෙකුගේ  දුරකථන  සහ  ගිනුම්  අංකයත් මීගමුව  පොලීසියට  ලබාදුන්නා.මේ නිසා   අපි  කිසිදු  ආකාරයක  ආධාරයක්  කිසිවෙකුගෙන්  ඉල්ලා  නොසිටි  බවත්,  එවැනි  කිසිදු  ආධාරයක්  නොකරන  ලෙසත්  මම  ජනතාවගෙන්  ඉල්ලා  සිටිනවා.

මේ  ආකාරයෙන්  කිසිවෙකු    ක්‍රියාත්මක  වන්නේ නම්  එය  බොරදියේ  මාළුබා  ගැනීමට  දරන  උත්සාහයක් බව  කිවයුතුය.  අහිංසක  මිනිසුන්  මෙසේ  ආපදාවට  ලක්වී  සිටියදී,  මෙම  අවස්ථාව  තමන්ගේ  පටු  වුවමනාවන්  ඉටුකර  ගැනීමට  උත්සාහ  කිරීම   කිසිවෙකු  අනුමත  කරන්නේ  නැත. ඒ  නිසා    සියළු  ජනතාව  මෙය  හෙළාදකින බවත්,  මෙවැනි  පුද්ගලයින්ට  කිසිවෙකු  නොරැවටෙන  ලෙසත් ,  අපද  අවධාරණය  කොට  කියා සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here