මීගමුවේ ගිණිකෙළි නිෂ්පාදනයට ප්‍රමිති ගේන්න තව මළ මිනි කීයක් අවැසිද?

0
200

galmankada-3මීගමුව දාගොන්න ප්‍රදේශයේ ගිණිකෙළි කම්හලක ඇති වු ගින්නක් හේතුවෙන් එහි සේවය කළ කම්කරුවන් දෙදෙනෙකු මිය  ගොස් තිබේ.
වසරකට මෙවන් අවාසනාවන්ත මරණ කිහිපයක්ම සිදුවන තරමට මේ කර්මාන්තයේ ප්‍රමිතිය පිළිබදව ගැටළු මතුව තිබේ.
මීට ඉහතදි අපට වාර්ථා වු අවසනාවන්ත සිදුවිමේදි  සිය නිවසේම ගබඩා කර තිබු ගිණිකෙලි වලට ගිණි ඇවිලිමෙන් පියෙකු සහ පුතෙකු පිළිස්සි මිය ගොස් තිබුනේ එකිනෙකා වැළදගෙනමය.
සාමාන්‍යයෙන් ගිණිකෙල් ගබඩා කිරිම ඇතුළු නිෂ්පාදනයේදි පිළිපැදිය යුතු කොන්දේසි සියල්ල එසේම තිබියදි ඒවා ගැන විමර්ශන සිදුනොවන්නේ දේශපාලකයන්ගේ මැදිහත්විම් නිසා බව කියැවේ.
විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂ ආධාරකරුවන් මෙසේ විමර්ශනය  කොට නිතිමය ක්‍රියාමාර්ග වලට ගෙනයාමට යාමේදි කෙසේ හෝ දේශපාලකයන් මැදිහත්ව ඒවාට බලපැම් කරන නිසා ඒවා වැලකි යයි.
මේ නිසා දැන් වසරක් පසා අවසනාවන්ත සිදුවිම් පමණක් අපට ඉතිරිව යමින් තිබේ.
මේ සදහා ප්‍රමිති ගෙනඒමට අදාල බලධාරින්ට තවත් මළමිණි කියක් අවැසිදැයි අපට අසන්නට සිදුවේ.??

http://www.meepura.com/?p=14247 ගිණිකෙලියේ ඉරණම