මීගමුවේ ජනයාගේ බදු මුදලින් ගෙනා ක්‍රිඩා භාණ්ඩ දේශපාලකයෙකු කාර්යාලයට ?

0
88

briberyමීගමුවේ මහජන බදු මුදල් මේ දිනවල වැඩිපුරම යෙදවෙන්නේ එළඹෙන මැතිවරණයේ මනාප වෙනුවෙන් එක්තරා දේශපාලකයෙකු දානපතියෙකු බවට පත්කිරිම සඳහාය.මිලියන ගණන වියළි සහන මළු ලක්ෂ 30ඉක්මවා වැය කරන්නට යෙදුන ප්ලාස්ටික් පුටු මේවා අතර විය.දැන් අලුත්ම කතාව නම් ක්‍රිඩා භාණ්ඩය.වාර්තා වන අන්දමට රු ලක්ෂ 6 ඉක්මවු ක්‍රිඩා භාණ්ඩ තොග දෙකක් පසුගිය දිනක වැල්ලවීදියේ පිහිටි කුප්‍රකට දේශපාලකයෙකුගේ කාර්යාලයට ගෙනවිත් තිබේ.වැය කරනු ලබන්නේ මහජන බදු මුදල් නම් ඒවා ගබඩා කළ යුත්තේ මහනගර සභාව තුලය.එහෙත් දැන් ඒ බඩු යන්නේ වැල්ලවීදියටය.අනික් කරුණ නම් මුදල් නැතිකම නිසා මරණයකට රුපියල් 5000 ක් ගෙවා ගන්නට බැරියැයි නගරාධිපති විසින් මහසභා රැස්විමකදි කියද්දි අත්‍යවශ්‍ය නොවන ක්‍රිඩා භාණ්ඩ වෙනුවෙන් මේ අවස්ථාවේ රුපියල් ලක්ෂ 12ක් වැය කරන්නේ කාගේ උවමනාටද යන්නයි.මේවා ගැන ප්‍රශ්ණ කරන්නට කොන්ද පණ ඇති විපක්ෂනායකයෙක් නැත.විපක්ෂයක් නැත.බදු ගෙවන සංවිධාන නැත.යුක්තිය වෙනුවෙන් හඬනගනවා යැයි කියන රාජ්‍ය නොවන සංවිධානද මීක් කියන්නේ නැත.කොටින්ම කියන්නේ යටත්වැසියන් බහුතරයක් සිටින පුරවැසියන් නැති මිගමුවට දෙයියන්ගේම පිහිටය.