මීගමුවේ ඩෙංගු දුමායන කටයුතු ඇනහිටලද …?

0
120

dengu foggingමීගමුව තුල පසුගිය කාලයේ ඩෙංගු පාලනය සදහා යොදාගැනෙන දුමායන කටයුතු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය විසින් සිදුනොකරන බවට චෝදනාවක් ඉදිරිපත්ව තිබිම ගැන අප සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔහු පවසා සිටියේ දුමායන කටයුතු සිදුකරනු ලබන්නේ කිසියම් ප්‍රදේශයක ඩෙංගු වසංගත තත්වයක් බවට පත්ව ඇත්තේ නම් පමණක් බවය.
”අප විසින් මහජනයා දැනුවත් කළ යුත්තේ ප්‍රධාන වශයෙන්ම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන මුළුමනින්ම විනාශ කරදැමිමටයි.දුමායන කටයුතු නිසා විවිධ පාරිසරික මෙන්ම සෞඛ්‍යමය හේතු ගණනාවක් පැන නැගලා තිබෙනවා …. පසුගිය වසරේ මහරගම පිළිකා රෝහලේ පෙනහළු පිළිකා රෝගින්ගෙන් වැඩිම ප්‍රතිශතයක් වාර්ථා වි තිබෙන්නේ ඩීසල් දුම නිසා”යැයි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි  විජේලත් මහතා පවසා සිටියේය.
මේ සියළු කාරණා මීගමුව තුල දුමායන කටයුතු අවම කිරිමට බලපා ඇති බව ඔහු ආවධාරණය කර සිටියේය.