මේ පිරිස පසුගිය 10 වෙනිදා සවස් වරුවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට තර්ජනය කොට නින්දිත ලෙස කුණුහැරුපයෙන් බැනවැදි පහර දිමට ගොස් තිබුණ අතර 11 වනදා දවල්කාලේදිද අදාල මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා බෝලවලාන ප්‍රදේශයේ කාණුවල මදුරු කීටයන් පරික්ෂා කරමින් සිටියදි එහි යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් යළිත් වරක් තර්ජනය කරමින් කියා ඇත්තේ බෝලවලානේ චණ්ඩින් දෙදෙනෙකුට සිටිය නොහැකි බවයි.
එමෙන්ම මාසයක් ඇතුලත පළිගන්නා බවද අදාල මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාටද දන්වා ඇතැයි වාර්ථා වේ.
මේ සියල්ල පිටුපස සිටින්නේ හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාගේ කුලිමැරයෙකු වන මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය අංශයේ සේවකයෙකු වන තුෂාන් කිස්මල් නැමැත්තෙකි.
මේ තැනැත්තා එරෙහිව අදාල මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් ජුලි මස 11 වනදා සවස් වරුවේ මේ ගැන මීගමුව පොලිසියට පැමිණිලි කර තිබේ.
දයාන්ලංසාගේ ප්‍රබල ආධාරකරුවෙකු වන මේ තුෂාන් නැමත්තා මිපුර වෙබ් අඩවියේ කර්තෘ ප්‍රෙඩී ගමගේ මහතාට නගර සභා භුමිය තුලදි පොල්ලකින් පහරදිම හේතුවෙන් සති 5 ක් බන්ධනගාර ගතව සිටි තැනැත්තෙකි.
Save