මීගමුවේ ඩෙංගු මඩින මාස 3 නේ මෙගා වැඩසටහන දළුපතින් ඇරඹේ !

0
61

NGB event 105මීගමුවේ ඩෙංගු මර්ධනය කිරිම සදහා දේශපාලන අධිකාරිය හා පරිපාලන අධිකාරිය හා එක්ව සකස් කරන ලද මාස 3 ක මෙගා වැඩසටහන අද අලුයම 5.45 ට මීගමුව දළුපත දේවස්ථානයේ පැවැති උත්සවයකින් ඇරඹුනු බව වාර්ථා වේ.
මේ අවස්ථාව සදහා යහපාලන දේශපාලනය නියෝජනය කරන අය මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අයද එක්ව සිටිනු දැකිය හැකි විය.මෙම වැඩසටහනේ සම්බන්ධිකරණය නියෝජ්‍ය ඇමති නිමල් ලංසා , මිගමුව සමසභාපතිවරුන් වන රොයිස් විජිත සහ ලලිත් ටෙන්සිල්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකය.
පසුගිය සමයේ මීගමුව ආසනය තුල වැඩිම ඩෙංගු රෝගින් ගණනක් වාර්ථා වි තිබුනේද දළුපත ප්‍රදේශයෙනි.මීගමුවේ ඉහල නිල දරන සහ නිළ දැරු දේශපාලකයන් සිටින ප්‍රදේශය වන්නේද දළුපතයි.
නියෝජ්‍ය ඇමති නිමල් ලංසාගේ නිවස පිහිටා ඇත්තේ ද දළුපත ප්‍රදේශයේය.එහෙත් දළුපත ගැන හොයා බලන්නට මේ කිසිවෙකුත් සිටියේ නැත.
කෙසේ වෙතත් පමා වි හෝ මීගමුවේ ඩෙංගු මැඩිම සදහා මෙසේ එකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක විම ඉතා වැදගත්ය.එහෙත් එහි මුලිකත්වය දිය යුතුව ඇත්තේ නගර සභාව වෙතය .
කොමසාරිස්වරයාගේ මුදල් ඉතුරු කිරිමේ නගර පාලන අරමුණ විසින් දැනටමත් මුළු මීගමුව අර්බුදයට ගෙන ගොස් ඇති බව පසක් කොට ගෙන වෙනත් උපාය මාර්ගයට කොමසාරිස්වරයා ප්‍රමුඛ පාලනය කටයුතු කළ යුතුව තිබේ.
එහෙත් මෙහි ඇති අභියෝගය වන්නේ මීගමුව මහනගර සභාවේ ධාරිතාවයට එහා ගිය දැවැන්ත මුළ්‍ය පොම්පකිරිම මගින් මේ සිදුකෙරෙන මාධ්‍ය සංදර්ශන පෙරටු කොට ගත් ඩෙංගු මර්ධන වැඩසටහනින් ගොඩයන්නේ දේශපාලනික උවමනාවන් සහිත න්‍යාය පත්‍රයක් පමණක්ම වියහැකි බැවිනි.
එබැවින් අප යෝජනා කරන්නේ මීගමුවේ ප්‍රාදේශිය සංවර්ධන කමිටුව හරහා වසර පුරා ක්‍රියාත්මක වන ඩෙංගු මර්ධන වැඩසටහනක් හරහා ඩෙංගුවලට එරෙහිව පුරවැසි සංස්කෘතියක් මීගමුව තුල ගොඩනගන ලෙසය.මීගමුව මහනගර සභාවට මෙහිදි පැවැරෙන වගකිම අතිවිශාලය
දැවැන්ත මුල්‍ය පොම්ප කිරිම් තවත් මාස 3 කින් පසු හමාර විය හැක.
එහෙත් පුරවැසියන් ඩෙංගු මර්ධනය කිරිම සදහා අරඹනු ලබන නව සංස්කෘතිය දිගටම පවතිනු ඇත.

Save

Save

Save

Save

Save

Save