මීගමුවේ ඩෙංගු වසංගත තත්වයක් …මුහුණ දිමට සැලැස්මක් නෑ.

0
48

පසුගිය දිනක සොෟඛ්‍ය ඇමැතිවරයාම පවසා  සිටියේ මීගමුව ඩෙංගු රෝගින් වැඩිම පිරිසක් වාර්තා වු නගරයක් ලෙසය.එහෙත් මීගමුව මහනගර සභාවට නගරයේ කුණු කසල ඉවත් කිරිම සම්බන්ධයෙන් ලංකාවේ දෙවනි තැනට පත්විම ගැන උදම් අනමින් පැවැති මහ සභා රැස්විමකදි නගරාධිපති ඇන්ටනි ජයවීර මහතා පවසා සිටියේ අන් කාල වලට සාපෙක්ෂකව දැන් ඩෙංගු අඩුවෙමින් තිබෙන බවය.

එහෙත් ඇත්ත තත්වය නම් මීගමුව දැන් ඩෙංගු වසංගත තත්වයක් දක්වා වේගයෙන් වර්ධනය වෙමින් ඇති බවය. එහෙත් මේ තත්වයට මුහුණ දිමට කිසිදු ක්‍රියාත්මක සැලැස්මක් මීගමුවේ කිසිදු රාජ්‍ය ආයතනයකට ඇති බවක් නොපෙනේ.විශේෂයෙන්ම මහනගර සභා අඥා පනතේම සදහන් වන්නේ සංගත රෝග පාලනය කිරිම එහි එක් ප්‍රධාන වගකිමක් බවය.එහෙත් බැනර් එල්ලිමෙන් එහා ගිය ක්‍රියාකාරි සැලැස්මක්  මේ පළාත් පාලන වලට ඇති බවක් නම් නොපෙනේ.මේ තත්වයට මුහුණ දිමට දැන් ආදල සියළු රාජ්‍ය සහ රාජ්‍ය  නොවන ව්‍යුහයන් එක්ව ඒකාබද්ධ සැලැස්මක් ඇති කිරිමේ බරපතල අවශ්‍යතාවයක් අද මතුව තිබේ.