මීගමුව රෝහලේ උණ රෝගින්ගෙන් ඇදන් පිරියමින් තිබේ.
එක ඇදක රෝගින් දෙතුන් දෙනා බැගිනි.මෙවන් තත්වයකට නගරයක් පැමිණි පසු වහා මැදිහත්ව සාමුහික පිළිතුරු සේවිමට මුල පිරිය යුතුව තිබේ.
ඒ සදහා හැකියාව ඇත්තේ දේශපාලන අධිකාරිය වෙතය.
මන්ද පරිපාලන නිළධාරින් සදහා ඒ හැකියාව නැතිවා පමණක් නොව කොමසාරිස් වරයා වැනි පිස්සන්ට හැතැප්ම නොදැනෙන රාජ්ය නිළධාරින්ගෙන් ඇති වැඩක්ද නැත.
ඔහුට මදුරු කීටයන් මුදල් කළ හැකි නම් ඒ සදහාද ඔහු පසුබට නොවනු ඇත.
එබැවැන් මීගමුව තුල දේශාපාලන අධිකාරිය දැන් මේ සදහා නායකත්වය දිය යුතුව තිබේ.
රොයිස් ,ලලිත් සුසංයෝගය යනු වැඩක් කරන්නට හැකි සම්බන්ධතාවයකි.
අප බලා සිටින්නෙමු.