මීගමුවේ තේරිම් ! පවුලකට සල්ලි හම්බකරන කෙනෙක්ද ? අමාරු කාලෙකත් පක්ෂය රැක්ක කෙනෙක්ද ?

0
47

Sarath G 2මිගමුව දේශපාලනය තුල යළිත් වරක් සිය අපෙක්ෂකයා කව්දැයි තින්දු කරගැනිමට දැන් යළිත් අවස්ථාව පැමිණ ඇත.ඒ පොහොට්ටුවටය.|
එක් අයෙක් දේශපාලන පවුලේ කළු සල්ලි අදායම වැඩිකිරිම වෙනුවෙන් කටයුතු කළ අයෙකි. අනෙකා අමාරු කාලයකත් සිය පක්ෂය අතහැර නොගිය ජේෂ්ඨයෙකි.හේ දේශපාලන අත්දැකිම් බහුල අයෙකි.
එහෙත් වෙනස ඇත්තේ මිගමුවේ නාගරික මන්ත්‍රිලාට වංගු කොමිස් ගැසිම සදහා ඉඩකඩ ලබාදිමට සුදානම් නැත්තෙකි.
මේ නිසාම මිගමුවේ නාගරික මන්ත්‍රිලා පක්ෂයේ ජේෂ්ඨයා වෙනුවට තමන්ටත් යහමින් කොමිස් ලබාදෙන ලග නමන වැඩවලට අත හිත දෙන අයෙකු තමන්ගේ අපෙක්ෂකයා කිරිමට කැමැත්තෙන් සිටින බවය සැලය.
වාර්ථා වන අන්දමට මිගමුවේ  පොහොට්ටු නාගරික මන්ත්‍රිලා 25 න් 24 ක්ම අත්දැකිම් බහුල සිය පක්ෂයේ ජේෂ්ඨයා ගැන කැමැත්තක් නැති බව කියැවේ .
ඉන් අදහස් වන්නේ ඔහු නොගැලපෙන බව නොවේය. නාගරික මන්ත්‍රිලා හැටියට පත්ව සිටින අයගේ දේශපාලනයේ දිග පළලය.
මිගමුව මහත් විනාශයක් කරා ගෙන යමින් කොමිස් කාක්කන්ගේ පරාදිසයක් බවට පත්කරමින් මැරයන් දේශපාලනික වශයෙන් ඔටුන් පළදන්නට කටයුතු කළ ඉතිහාසයට දැන්වත් සමුදිය යුතුව ඇත.
කොමිස් බුදින නාගරික මන්ත්‍රිලාගේ තේරිම වන මැරයෙකද් නැතිනම් පක්ෂය  අමාරු කාලයක රැක්ක ආගම දහමට ලැදි ජේෂ්ඨ දේශපාලකයෙකුද යන්න තින්දුවක් ගත යුතුව තිබේ.
මිගමුවේ මැර දේශපාලනයට තින තබා එය පවුලකින් ගලවා ගැනිමට යළිත් වරක් අවස්ථාවක් උදා වි ඇත.