මීගමුවේ දමිල ජනයාට අාණ්ඩු පක්ෂයෙන් තර්ජනයක් ?

0
65

තිස් වසරක යුද්ධයෙන් පසු මේ රටේ ජාතික සමගිය ගොඩනැගිම අද ඇති ප්‍රබලතම අභියෝගය  වුවද මේ ආණ්ඩුවේ අඥාාන විදේශ ප්‍රතිපත්තිය නිසා අද කිතුණුවෙකුට වේලක්කන්නි යන්ට හෝ බෞද්ධයන්ට වන්දනාවේ යන්නට හෝ දැන් ඉඩක් නැත.
ආණ්ඩුවේම වාර්තාව වු උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර ලෝකයාට චණ්ඩි පාට් දාන පාලකයන්ගේ මග යමින් මීගමුව මහනගර සභාවටද  යෝජනාවක් ගෙන එන්නට කටයුතු කර තිබේ.
එහි හරය වන්නේ මේ රටේ දමිල ජනයාට කිසිදු හිරිහැරයක් නොවන්නේ යැයි ජාත්‍යන්තරයටත් තමිල්නාඩුවටත් කියන්නට මීගමුවේ දමිල ව්‍යාපාරිකයන් සහ දමිල ජනයා කටයුතු කල යුතුව බවය. එනම් මේ යෝජනාව ගෙන එන පාර්ශවයේ සිහිනය වන්නේ මේ සියළු දෙනා සටන් පාඨ කියමින් තමිල්නාඩුවට එරෙහිව උද්ඝෝෂණය කළ යුතු බවය.
මෙම  යෝජනාව විසින් මතු කරනු ලබන ගැටළු රාශියකි.

1.මෙය මීගමුවේ දමිල ජනයා වෙත කෙරෙන අනියම් තර්ජනයකි.උඹල කඩ වහල එක දවසක් හරි උද්ෙඝා්ෂණය කරපල්ලා යනුවෙන් ව්‍යාපාරිකයන්ට අනියමින් කියා සිටියි.

2.පලාත් පාලන නිතිය අනුව නගර පාලනයට අාදාල නොවන යෝජනා ඉදිරිපත් කිරිම සපුරා තහනම් බව දන්වා මන්ත්‍රිවරුන් වෙත ලිපි යවන නගරාධිපති මේ යෝජනාව මහසභාවට ගෙන එන්නට ඉඩ දිමෙන් කියන්නේ මේ නගරයේ ප්‍රධාන පුරවැසියාගේ ජාතික සමගියේ දිග පළලයි.


3.මේ රටේ මුස්ලිම් ප්‍රජාව වෙත එල්ලව ඇති තර්ජන හමුවේ ඒ අය ගැන චවනයක් හෝ කියන්න අමතක වන්ෙන්  අහම්බයකින්ද ?? නැතිනම් මුසල්මානුවෙකු වන මීගමුවේ උපනගරාධිපති සමගින් ඇති අමනාපයක් නිසාද..??

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here