මීගමුවේ දහසකට ආසන්න ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ මුදල් අනතුරේ.

0
84

තැන්පත් මුදල් සඳහා වැඩි පොලියක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සෙලින්කෝ සමුහ ව්‍යාපාරයට අයත් ගෝල්ඩන් කී මුල්‍ය ආයතනය වෙත ලක්ෂ ගනනින් මුදල් තැන්පත් කල  මීගමුවේ දහසකට ආසන්න තැන්පත්කරුවන්ගේ එම තැන්පත් කල සම්පුර්ණ මුදල් නැවත ලබා ගත නොහැකි වීමේ දැඩි අවධානමකට මුහුණ පා ඇතැයි වාර්තා වේ.

මෙලෙස මෙම ආයතනයේ මුදල් තැන්පත් කල මීගමුව ප‍්‍රදේශයේ බොහෝ දෙනෙකු රුපියල් ලක්ෂ 05 කට ඉහල මුදල් ප‍්‍රමානයන් තැන්පත් කල අය බවටද වාර්තා වුණි. එලෙසම මෙහි කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් කොතලාවල  යන තැනැත්තා ඇතුළු ආයතනයේ අධ්‍යක්ෂ මන්ඩලයද අධිකරණයෙන් ඇප ලබා පැමිණීමත් සමඟම තැන්පත්කරුවන්ගේ මුදල් නැවත ලබා ගැනීම ඉතා දුෂ්කර කාර්්‍යයක් බවට පත් වී ඇත. මේ පිලිබඳව ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ මීගමු සංගමයේ සංවිධායක කමිටු සමාජිකයෙක් වූ පාන්කඩ හංදියේ පදිංචි ආනන්ද විජේකුලසුරිය මහතා පවසන්නේ තැන්පත්කරුවන්ගේ මුදල් නැවත ගෙවීම පිලිබඳව අධිකරණය විසින් ආයතනයේ අධ්‍යක්ෂ මන්ඩලයට ලබා දුන් නියමයන් මෙතෙක් හරි හැටි කි‍්‍රයාත්මක නොවීම නිසා මෙවැනි අවධානම් සහිත තත්වයක් උද්ගතවී ඇති බවයි.

ඔහු වැඩි දුරටත් පවසන්නේ අධිකරණය විසින් ආයතනය සතු සම්පුර්ණ වත්කම් විකුණා තැන්පත්කරුවන්ගේ මුදල් නැවත ලබා දීමට නියෝග නිකුත් කර ඇතත්, අධ්‍යක්ෂ මන්ඩලය එලෙස නොකර එක් එක් අය තැන්පත් කල සම්පුර්ණ තැන්පත් මුදලින් සියයට තිහක් වැනි මුදලක් එක වරවත් ලබා නොදී එයද කොටස් වශයෙන් ගෙවා දමන්නට අදියර කිහිපයක වැඩසටහනක් අධිකරණ නියෝගයන්ද නොතකා කි‍්‍රයාත්මක කිරීමට එම අධ්‍යක්ෂක මන්ඩලය කි‍්‍රයා කරන බවයි.
මේ තත්වය තුල  මුළු ලංකාවේම 9000 කගේ පමන තැන්පත් කල බිලියන 26 මුදලක් අනතුරේ බවත් එලෙසම මීගමුව ප‍්‍රදේශයේ පමනක් 1000 කගේ පමන පිරිසකගේ මිලියන ගනනක මුදල් අනතුරේ පවතින බවද ඔහු වැඩි දුරටත් පවසයි.
සමස්ථයක් ලෙස මේ මුදල් නැවත නොලැබීමේ තත්වය මීගමුව ප‍්‍රදේශයේ ආර්ථිකයටද දැඩි බලපෑමක් සිදු කල හැකි තත්වයක් බව ද ආනන්ද විජේකුලසුරිය මහතා අවධාරනය කරයි.