මීගමුවේ දුම්රිය ස්ථානය සියවස සමරයි..

0
264

වර්ෂ 1910 දෙසැම්බර් 10 දින එවකට පැවැති ඉංගී‍්‍රසි ජාතිකයන්ගේ පාලන කාලයේදී ආරම්භ කල මීගමුව දුම්රිය ස්ථානය සිය අභිමානවත් සියස් සැමරුම සමරයි. ඒ අනුව පසුගිය 2010 වසරේ සිට 2011 වසර , මීගමුව දුම්රිය ස්ථානයේ සියස් සැමරුම් වර්ෂය ලෙස නම් කර තිබේ. එවකට මීගමුව දුම්රිය ස්ථානය ආරම්භ කිරීමට ඉංගී‍්‍රසි ජාතිකයින් විශේෂයෙන්ම කටයුතු කර ඇත්තේ කොළඔ වරායට භාන්ඩ ප‍්‍රවාහනය සදහායි. මීගමුව අවට ප‍්‍රදේශ වලින් සපයා ගන්නා පොල් , කරත්තම ගිහින් මෙම දුම්රිය ස්ථානයට ගෙනැවිත් එතැන් සිට දුම්රියෙන් කොළඹ වරාය වෙත ප‍්‍රවාහනය කර තිබේ.  ඒ අනුව ඉංගී‍්‍රසි ජාතිකයින් විසින් ඉදිකල දුම්රිය මාර්ග පද්ධතියේ කොළඹ මාර්ගයේ අවසාන නැවතුම වුයේද මීගමුව දුම්රිය ස්ථානයයි. මෙයට සමගාමීව එම මාර්ගයේ කටුනායක, සීදුව සහ
ජා-ඇල යන දුම්රිය ස්ථානයන්ද ආරම්භ වී තිබේ.
එදා මෙම දුම්රිය ස්ථානය භාන්ඩ ප‍්‍රවාහනය ස`දහා එලෙස මුලිකවම යොදා ගැනුනත් අද වන විට එය මීගමුව සහ මීගමුව අවට ජනයාගේ පොදු ප‍්‍රවාහන සේවා සලසන ප‍්‍රධානතම ස්ථානය බවට පත් වී තිබේ. මේ වන විට මීගමුවෙන් වෙනත් ප‍්‍රදේශ කරා යන ජනතාවටද, මීගමුවට වෙනත් ප‍්‍රදේශ වලින් පැමිණෙන ජනතාවටද මේ දුම්රිය ස්ථානයෙන් සැලසෙන සේවාව අති මහත්ය. අද වන විට සතියේ දිනවල පමනක් මගීහු 4500 සිට 5000 දක්වා ප‍්‍රමාණයක් මේ දුමිරිය ස්ථානයෙන් සිය දුම්රිය ප‍්‍රවාහන සේවා සලසා ගනී. මේ තත්වය ශනිදා දිනවල 6000-6500 අතර ප‍්‍රමානයක් ගන්නා බවද වාර්තා වන අතර මීගමුවට පැමිනෙන සහ මීගමුව හරහා වෙනත් ප‍්‍රදේශ වලට පිටත් වන දුම්රිය 20 – 24 ත් අතර ප‍්‍රමානයක් දෛනිකව මෙම දුම්රිය ස්ථානය හරහා ප‍්‍රවාහන කටයුතු සිදු කරනු ලබයි.
සියවසක් ඉක්ම ගියද මේ දුම්රිය ස්ථානය මීගමුව වැනි ආර්ථික අතින් සහ ඓතිහාසික වශයෙන් වැදගත් නගරයකට ඔබින ලෙස නව තාක්ෂණය සමගින් සංවර්ධනයවී හෝ නවීකරණයවී හෝ නැතැයි දුමිරිය මගීහු නිරන්තරයෙන්ම මැසිවිලි න`ගති. සැලකිය යුතු ආකාරයක මගීහු සංඛ්‍යාවක් දින පතාම පාහේ සිය ප‍්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් මෙම දුමිරිය ස්ථානයට පැමිණුනත් ඒ පිරිසට ලැබිය යුතු බොහෝ මුලික පහසුකම් මේ දුමිරිය ස්ථානයේ නොමැතිවීම විශාල අඩුපාඩුවකි.

සටහන සහ ඡායාතුෂාර රොහාන්

මීගමුව දුම්රිය ස්තානය
මීගමුව දුම්රිය ස්තථානය
මීගමුව දුම්රිය ස්තානාධිපති
මීගමුව දුම්රිය ස්ථනාධිපති