මීගමුවේ දේශපාලකයන් නැත්නම් එන්නත විදින්නේ නැද්ද ?

0
140
FB IMG 1626961980036
215632949 952344575562282 4573981557653732714 n
217186265 952344235562316 2630813646106712287 n

එන්නත්කරණ වැඩසටහන රාජ්‍ය වෙනුවෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවන වැඩසටහනකි. එය කිසිසේත්ම පොහොට්ටුවේ ,එජාපේ, ශ්‍රිලනිප හෝ සමගි ජනබලවේගයේ දේශපාලන ව්‍යාපෘතියක් නොවේ .
තතු එසේව තිබියදි රටේ බොහොමයක් තැන්වලදි මේ එන්නත්කරණ වැඩසටහන් පැවැත්වෙන තැන්වල දේශපාලන ලගිමින් මාධ්‍ය සංදර්ශණ පැවැත්විම ඉතාමත් සුලභය.
මිගමුව වංචා දුෂණ, කළු සල්ලි ජාවාරම් වලින් පමණක් නොව මේ සංදර්ශණවලින් අන් නගර පරදා අංක එකටම හැමදාමත් පැමිණ ඇත්තේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ජනතා සේවය පැත්තක තිබියදි බඩගොස්තර දේශපාලනය ඉහලින්ම ක්‍රියාත්මක කරමින් සිටින දේශපාලකයන් පිරිසක්ද සිටින බැවිනි.
පෙරියමුල්ලේ එන්නත ලබාදෙන තැනට ශ්‍රිලනිප නියෝජ්‍ය නගරාධිපති ෆරීස් පැමිණ මාධ්‍ය සංදර්ශනයක් පවත්වමින් සිටින අයුරු ඔහුගේ ෆේස් බුක් පිටුවේ අන්තර්ගතය.
මාධ්‍ය සංදර්ශණ අවැසි වන්නේ වැඩබැරි ටාසන්ලාට මිස සෑබෑ ජනතා දේශපාලකයන්ට නම් නොවේ .

FB IMG 1626961947125


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here