උක්ත රහසිත සාකච්ජාවේ නිමිත්ත තිබුනේ සිය සොහොයුරා මෙන්ම අදාල ඇමතිවරයාටද මහනගර සභාවේ ප්‍රධාන කාරක සභාවන් තුල සිය බලපරාක්‍රමය අභියෝගයන් රහිතවම ස්ථාපිත කරගැනිමටය.
ඒ අනුව අදාල කපුකම සිදුකරන ලද පොත් මාමා විසින් සැලැසුම් කරන පරිද්දෙන්ම විශේෂයෙන්ම මුදල් කාරක සභාවට සිය සොහොයුරා ඇතුලත් කරගැනිමට හැකිවිය. එමෙන්ම සෞඛ්‍ය කාරක සභාවේ හිටපු සභාපතිවරයා වු ඇමති සොහොයුරාට මෙවරද එය අත්පත්කරදිමේ මුලික පදනම ලෙසින් සෞඛ්‍ය කාරක සභාවටද ඇමති සොහොයුරා පත්ව තිබේ.
මේ සැලැස්ම ක්‍රියාත්මක කිරිම සදහා ඇතැම් විපක්ෂ මන්ත්‍රිවරුන්ගේද සහය ලැබි ඇති බව කැපිපෙනේ.