මීගමුවේ නත්තල සහ නාරම්මල ඉඟුරු

0
222

DSC_0663(1)

මේ නත්තල් මාසයයි.  පුංචි  රෝමය  ලෙස  නම්කෙරෙන  මේ  නගරය  සුපුරුදු  ලෙස  නත්තලට  සූදානම්  වෙයි. මේ  අතර    ඒ නත්තල්  සැරසිලි  සහ වෙනත්  අත්‍යවශ්‍ය  දේවල්  විකුණන  වෙළෙන්ඳන්ගෙන්  නගරය  පිරී තිබෙනු  දැකියහැක. තමන්ට  යම්කිසි  ආදායමක්  සොයා ගතහැකි සමයක්  බැවින්,  ඔවුන්  විවිධ  දේවල්   මීගමු  නගරයට   ගෙන  එති. නත්තල්  ගස්  ,  ගවලෙන්,  සහ  වෙනත්  සැරසිලි  පාරවල්  අයිනේ  අලංකාර  පෙනුමෙන්  යුතුව  විකිණීමට  තබාඇත. සෑම  වෙළඳසැලක්ම  අලංකාර  ලෙස  සරසා  ඇත.
රස්මීර්   ඉඟුරු  වගාව  වගාකරුවෙකු  ලෙස  නොකරන  නමුත්  ඒගැන  අදාල  තොරතුරු  සියල්ල  දන්නා  කෙනෙකි.  නාරම්මල  ප්‍රදේශයේ  ඉඟුරු  වගාකරන  බිම්කඩවල්  සහ  ඒවායේ  මෙම  වගාව  කරන  ආකාරය  ඔහු  විස්තර  කරයි.  බිම  කෙටීමේ  සිට  පාත්ති  දැමීම,  පොහොර  දැමීම , පැල  සිටුවීම   වැනි  කරුණු කාරණා  ඔහුගේ  මේ  සම්බන්ධ  දැණුමට  අන්තර්ගතය. කොහොම  නමුත්  නත්තල්  සමයේදී   ඉඟුරු  අත්‍යවශ්‍ය  දෙයක්  බව  පැහැදිළිය.  අපි  රස  කැවිළි කේක්  ආදියෙන්  බඩ  පුරවන විට  විවිධ  අසනීප  ඇතිවෙන්නට  ඉඩකඩ  ඇත .  එවැනි  අවස්ථාවක   මෙම  ඉඟුරු  ඖෂධයක්  ලෙස  භාවිතයට  ගැනීමට  පුළුවන. මෙසේ  බලන කළ  ඉඟුරු යනු  අපට  නත්තලේදී  නොගැලපෙන  දෙයක්  නොවන  බව  පැහැදිළිය.

මෙවැනි  පරිසරයක   නාරම්මල  සිට  මීගමුවට  ඉඟුරු  ගෙනැවිත්  විකුණා  තම  දරුපවුල  රකින  අයෙකු  හමුවිය. ඔහු  නමින් රස්මීර්ය.  මීගමුව,  බෞද්ධ  මන්දිරය  ඉදිරිපිට  පාර  අයිනේ  තම  ඉරිඟු  තොගය  තබාගෙන  සිටින  රස්මීර්  තම  වෙළඳාම  ගැන  අදහස්  දැක්වූයේ  මෙසේය.

මම  ඉඟුරු  වගාකරන්නෙ නෑ.  මේව  වගාකරන්නෙ  ලොකු  ඉඩම්වල  අපි  ඒව  සල්ලි දීල  ගන්නව.  අවුරුදු  7ක  ඉඳල  මේ  රස්සාව  කරනව. කිලෝ  150ක්  විතර  ත්‍රිවිල්  එකේ  දාගෙන  ඇවිල්ල  දවස්  දෙකක්  විතර  විකුණනවා. කුලියපිටිය,  නාරම්මල,  මීගමුව  වගේ   තැන්වල  තමයි  බිස්නස්  කරන්නෙ.

ත්‍රිවිල්  එකට  තෙල්වියදම  ගියාට  පස්සෙ දවසකට  රු.1000/ක්  -2000/  ගන්නව.  මම  සමහර  වෙලාවට  කිලෝ  එක  රු.200/ටත්  දෙනවා.  මොකද  වැහිකාලෙට  ඉඟුරුවල  ගාන  බහිනවා.  සමාන්‍ය  විදිහට  නම්  ග්‍රෑම්  400ක්  දෙන්නෙ රු.100/කට.  පායන  කාලෙට  ගාන  වැඩියි.  එතකොට  ග්‍රෑම්  100ක්  රු.  120/කට  දෙනවා.   රු.  50කටත්  අරගෙන  යනවා.

මට  ළමයි  2 දෙනෙක්  ඉන්නවා.  ඒගොල්ලන්ව  ජීවත්  කරන්නෙ  මේ  රස්සාවෙන්  තමයි.  ඒනිසා  ප්‍රශ්ණයක්  නැතිව  පවුලෙ  කටයුතු  කරගෙන  යනවා.  හැදාම  එකතැන  මේ  බිස්නස්එක  කරන්නෙ  නෑ.  ඒනිසා  වෙන  ප්‍රශ්ණ  ඇතිවෙන්නෙත්  නෑ. මේක  නරක  දේකුත්  නෙවෙයිනෙ. බඩේ අමාරුවක්  එහෙම  ඇතිවුනොත්  අපි  ඉඟුරු   ඉස්ම  ටිකක් දීල  ඒක  හොඳ  කරගන්නවා. ඒ  වගේම  මස්වලට,  මාළු වලට  දානවා .  හොඳ  තේ එකක්  බොන්නත්  වැඩිදෙනෙක්  ගෙවල් වලදි  ඉඟුරු  දාල.  ඒනිසා  මම  කරන  රස්සාව  ගැන  සතුටුයි. මේ  දවස්වල  නත්තල්  හින්ද  තමයි  මීගමුවෙ  ඉඟුරු  දාන්නෙ.


සටහන – සැම්සන් ඥානසිරි