මීගමුවේ නාගරික මන්ත්‍රිලා වැඩියෙන්ම ආදරේ කාටද??

0
81

මීගමුව මහනගර සභාවේ බහුතරයක් මන්ත්‍රිවරුන් සිටින්නේ කාගේ හෝ බෙල්ල කඩාගෙන ගතමනාව සොයා ගනු පිණිසය.
නගරයේ ඉඩම් කුණු කොල්ලට බදු දි ඒ ව්‍යාපාරිකයන්ෙගන් ලක්ෂ ගණන් මුදල් ගෙන තමන්ගේ මඩිතරගන්නට මේ අය නොකරන දෙයක් නැත.
ඒ සියල්ල එසේ තිබියදි ඉහත අප මතු කර ඇති චෝදනා වලට පසුගිය කාලය තුල වැඩියෙන්ම ලක්වු මන්ත්‍රිවරයෙක් වු පරිස් මහතා මෙවර මහසභාවට අපුරු යෝජනාවක් ගෙන ආවේය.
ඊළග පාර්ලිමේන්තුවට යන්නට දින ගනිමින් සිටින නිමල් ලංසා ඇමති වරයා මේ නගර සභාව තුල සියළු ඉත්තන් එහා මෙහා අදින්නේ ඔහුගේ පාර්ලිමේන්තු සිහිනය ගොඩදාගත හැකි පරිදිය.
මීගමුවේ මුස්ලිම් ජන්ද මෙහිද නිමල් ලංසා ඇමැතිවරයාගේ පාර්ලිමේන්තු සිහිනයට ඉතා විශේෂය.එබැවින් ඔහු මේ වෙනුවෙන් සියළු නඩත්තු කිරිම් කළ යුතුව ඇත.
පරිස් මන්ත්‍රිවරයා වෙත වෙළෙන්දන් භාර දි ඇත්තේ ඒ හෙයිනි.
වෙළදාම  සිය ජිවිතය කරගෙන ඇති පරිස් මන්ත්‍රිවරයා මෙවර මහසභාවට යෝජනාවක් ගෙන එයි.

(2013/02/07 ) මීගමුව මහා නගර සභාවේ පෙබරවාරී මස මහා සභා රැස්විමේදී ඉහත යෝජනාව ඉදිරිපත් කලේ ආන්ඩු පක්ෂයේ ෆරීස් නාගරික මන්තී්‍රවරයා විසිනි. ඔහු එම යෝජනාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කලේ මීගමුව මහා නගර සභා බල ප්‍රදේශයේ ඇති ව්‍යාපාරික ස්ථාන සම්බන්ධයෙන් නිසි ආකාරයෙන් තොරතුරු නොමැතිකම නිසා එම ව්‍යාපාරික ස්ථාන වලින් මහා නගර සභාවට අයවිය යුතු නියම ව්‍යාපාරික බලපත්‍ර ගාස්තු අය කර ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවයි. එවැනි තත්වයක් තුල සභාවට ලබා ගත හැකි ව ඇති විශාල ආදායමක් නොලැබී යන බවද ඔහු සදහන් කරයි. ඒ අනුව ඔහු මෙම යෝජනාව ඔස්සේ වැඩි දුරටත් ඉල්ලා සිටියේ අපොස උසස් ලෙ විභාගය ගත් සිසු සිසුවියන් වැනි කන්ඩායමක් යොදවා මීගමුව ප්‍රදේශයේ සියළු ව්‍යාපාරික ස්ථාන පිලිබදව විධිමත් සමීක්ෂනයක් පවත්වා එම ව්‍යාපාරික බලපත්‍ර වෙනුවෙන් නියමිත වූ අයකිරීම් සභාවට ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.
එහිදී  ඇන්ටනී ජයවීර නගරාධිපතිවරයාද එම යෝජනාව සභාවේ ආදායම් වැඩි වර්ධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වැදගත් යෝජනාවක්  ලෙස හැදින් වූ අතර මීගමුව තුල ඇති ව්‍යාපාරික ස්ථාන නිසි ලෙස සමීක්ෂනය කල යුතු බවද පැවසීය. එම කාර්්‍යය භාර්්‍යය සදහා නගර සභා නිලධාරීන් යොදවා ගතහොත් එම නිලධාරීන් කාලයක් නගර සභාවේ සේවය කිරිම නිසා සමහර ව්‍යාපාරිකයන් සම`ග හිතවත්කම් දැන හැ`දුනුම්කම් මත නගර සභාවට නිවැරදි තොරතුරු ලබා දීම නිසි ලෙස සිදු නොවනු ඇති බවට ද නගරාධිපතිවරයා පෙන්වා දෙයි. ඒ නිසා මෙම යෝජනාවේ පරිදි වෙනත් බාහිර කන්ඩායමක් යොදවා නිවැරදි සමීක්ෂණයක් කීරීම වැදගත් බවද ඔහුගේ අදහසයි. කඩිනමින්ම මෙම සමික්ෂනය පැවැත්වීම සදහා එය සිදු කරන එම බාහිර කන්ඩායමට යම් මුදලක් වෙන් කර දීමට හැකි අවකාශය පිලිබදව තමන් සභාවේ ඝණකාධිකාරීවරයා සමග ඉක්මනින් සාකච්ඡා කරන බවද නගරාධිපතිවරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය.