මීගමුවේ නීල් මැරින් එකටත් කොරෝනා රිංගයි ?

0
124

( දෙවන සංස්කරණය ) මීගමුව තුල කොරෝනා යළිත් හිස ඔසවන්නට පටන් ගෙනය.
මේ තත්වය ගැන අලුත්ම පුවත වාර්තා වන්නේ මිගමුව නීල් මැරින් ආයතනයෙනි.
බෝට්ටු නිෂ්පාදනයේ ප්‍රමුඛතම ආයතනයක් වු මීගමුව තලාදුව නිල් මැරින් ආයතනයේදි 2021.01.16 දින මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදුකරන්නට යෙදුන PCR පරීක්ෂණ 84 ක ප්‍රතිඵල වාර්ථා ඊයේ දිනයේ (2021.01.20) දින ලැබී තිබුන අතර ඒ අනුව 6 දෙනෙකුට කොරෝනා ආසාදනය වි ඇති බව හෙළිව ඇත.
මින් එක් අයෙකු නිල් මැරින් ආයතනයෙ සේවකයෙකු බව සැලය

මෙම ආයතනයේ සේවක සේවිකාවන් 150 කට ආසන්න පිරිසක් සේවය කරන අතර එහි පරිපාලන ලොක්කෙකු පසුගිය දිනක පුද්ගලිකව PCR පරික්ෂාවක් සිදුකරගෙන ඇති අතර ඒ මොහොතේ පටන්ම එම තැනැත්තා නිරෝධායනය නොවි ආයතනයට පැමිණි ඇතැයිද වාර්තා වේ.
එවැනි පරිපාලන ලොක්කන් සිටින තැනක් තත්වය තවත් දරුණු විය හැකි බව නම් වඩාත් පැහැදිලි වෙමින් තිබේ