මීගමුවේ පරාජය ගැන නාගරික මන්ත්‍රීලාට චෝදනා!

0
84

MC-2-e1530758211220ලංසා පවුල මීගමුවේදි පොහොට්ටුවට දරුණු පරාජයක් අත්පත්කර දිම ගැන දැන් රටේම මාතෘකාවක් බවට පත්ව තිබේ.ඇතමුන් එතනින් නොනැවති මිගමුවට තව බෝම්බ ගහන්න ඕනා යැයි කියන තැනටද ගොස් තිබේ.එවැනි ආමානුෂික බවකට  යෑමට තරම් අර්බුදයක් මිගමුවේ පොහොට්ටුවෙි පරාජය විසින් නිර්මාණය කොට තිබේ.මෙයට වගකිය යුතු පාර්ශව ගැන නිමල්  ලංසා විසින්ම විවිධ විග්‍රහයන් ඉදිරිපත් කොට තිබුණද පරාජයට බලපෑ ඇත්තටම හේතුව දැනටමත් පට්ටි විදියට මුහුණු පොත පුරාම බෙදා හැරිමට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් කටයුතු කරතිබේ.මේ පරාජය හේතුවෙන් බෙහෙවින්ම කලබලයට පත්ව සිටින නිමල් ලංසා⁣ එළඹෙන මහමැතිවරණයේදි මන්ත්‍රීධුරයක් ලබාගැනිමට පවා ඉඩක් ඇතිදැයි යන සැකය දැන් ඉදිරියට පැමිණෙමින් තිබේ.තතු එසේව තිබියදි මිගමුවේ පරාජයට හේතු සේවිමේදි මීගමුවේ නාගරික මන්ත්‍රීට මණ්ඩලයටද බරපතල චෝදනා මෙි වන විට එල්ලවෙමින් තිබේ.පසුගිය දිනක බස්නාහිර පළාතේ හිටපු මහඇමති ප්‍රසන්න රණතුංග පවා මීගමුවේ නාගරික මන්ත්‍රීලා වැඩනොකිරිම ගැන දොස් පවරා තිබුණ බව සැලය.මේ බහුතරයක් මන්ත්‍රීවරුන් ඇති තරම් සල්ලි ගෙන කෑම බිමද ලබාගෙන මැතිවරණ ප්‍රචාරක  කටයුතු වල නිරත වනවා වෙනුවට වැල්ලවීදියේ කාර්යාලයට වි කාලය ගතකර ඇතිබවද කියැවේ.මින් කියැවෙන එක් බරපතල කරුණක් තිබේ එනම් මේ මන්ත්‍රීලාද දැන් ලංසා පවුල ගැන හිතන්නේ හිතුන වෙලාවට ගානක් කපා ගතහැකි තැනක් හැටියට මිස මිගමුව දිනවිමට සටන් කරන ඡන්ද මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස නම් නොවන බවය.ලංසා පවුල විසින්ම පුරුදු කරන ලද සල්ලි විසිකිරිමේ දේශපාලනය අද ඔවුන්ගේම මන්ත්‍රීලා විසින් තමන්ගේ වාසියට පමණක් ගෙන තිබේ.එහෙව් මන්ත්‍රීලා සමගින් පාර්ලිමේන්තු මැතිවරණය කරන්නේ කෙසේදැයි දැන් නිමල් ලංසා නිරුත්තර වි සිටි.