මීගමුවේ පරිපාලන ප්‍රධානින් ගන්නා තීන්දු ගැන එම ආයතනවලම සෙසු නිලධාරින් දැනුවත්ද ?

0
51

NGB meeting 4කොරෝනා දෙවන රැල්ල ඇරඹිමෙන්  සති තුනකට පසු දේශපාලන අධිකාරිය සහ පරිපාලන අධිකාරිය එක්ව මිගමුව මහනගර සභාවේදි ඊයේ දිනයේ විශේෂ රැස්විමක් පවත්වා තිබේ.
එහිදි තින්දු රැසක් ගෙන ඇති බවද සැලය.
ඔසු සැල් විවෘතව තැබිමට අවසර දිම සහ සිල්ලර කඩවලට අලෙවි කටයුතු සදහා ඉඩප්‍රස්ථා ලබාදිමද මේ අතරය.
කෙසේ වෙතත් මිගමුවේ ඇතැම් ආයතනවල වගකිව යුතු නිලයන් දරන සියලු දෙනාම ඊයේ මෙම රැස්විමේදි ගනු ලැබු තින්දු ගැන තම සෙසු නිලයන් දැනුවත් කිරිමේ ප්‍රධාන අවශ්‍යතාවයක් මතුව තිබේ.
එකි නිසි දැනුවත් භාවයක් නැතිනම් ඒ අය හැසිරෙනු ඇත්තේ පරණ විදියටමය.එය ගැටලු රැසක් නිර්මාණය කිරිමටද බලපානු ඇත
නිදසුනක් ලෙස පොලිස් ප්‍රධානින් කිපදෙනෙකුද සහභාගිවි ඇති මෙම රැස්විමේදි ගනු ලැබු ඔසු සැල් ගැන තින්දුව පොලිසියේ ඇතැම් නිළධාරින් නොදන්නේ නම් ඔවුන් හැසිරෙනු ඇත්තේ පිස්සන්ට හැතැම්ම නැති ගානට විය හැකිය.
ඇතැම් විට ෆාමසි අරින්න බැනේ යැයි කියමින් ඇතැම් තැන්වල නොගැලපෙන ලෙස හැසිරිමටද පුලුවන.
එබැවින් පොලිසිවල මෙන්ම අනෙකුත් තැන්වලදි මේ රැස්විම් වලට යන ලොකු මහත්තුරුන් තමන්ගේ පොඩ්ඩන් දැනුවත් කරන්නේ නැතිනම් මෙවැනි රැස්විම්වලදි ගනු ලබන තින්දු පවා ජෝක් විම වලකා ගත නොහැකි වනු ඇත.
මේ ගැන පොලිසිය වැඩි අවධානයක් යොමුකළ යුතුව ඇතැයි සිතෙන්නේ ව්‍යාපාරිකයන් හා ඉදිරියේදි  වැඩියෙන්ම ගණුදෙනු පිරිස ඒ අය වන බැවිනි.