මීගමුවේ පවුල් 38458 කට රු 5000 සහනය ලැබෙයිද ?

0
63

theppam-fishermen-ගම්පහ දිස්ත්‍රික්කයේ මුලින්ම ඇඳිරි නීතිය පැනවූ පොලිස් බල ප්‍රදේශ 03 සදහා රුපියල් 5000 දීමනාව ලබා දීම සම්පූර්ණයෙන්ම අවසන් බව සංචාරක අමැති ප්‍රසන්න රණතුංග මහතා පසුගිය දා පවසා තිබුණි
ඒ අනුව මිනුවන්ගොඩ, දිවුලපිටිය, හා වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශ 03ක පවුල් 80000ක් සදහා මෙම 5000 දීමනාව ලබා දීම පසුගිය සිකුරාදා වන විට අවසන් කෙරිණ.
ඒ සඳහා රජය වැය කල මුදල රුපියල් මිලියන 400කි.

මේ අතර පසුගිය 08 වෙනිදා නිරෝධායන ඇදිරි නීතිය පැනවූ පොලිස් බල ප්‍රදේශ 15ක පවුල් 4,64,254කට රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා එම අවස්ථාවේදි පවසන්නට යෙදුණි.
ඒ සදහා වැය වෙතැයි ගනන් බලා ඇති මුදල රුපියල් 2,321,270,000 කි.

බියගම පවුල් 46,008ක්, කැළණිය 33,849ක්, වත්තල 46519, මීගමුව 38,458ක්, මහර 45,503ක්, දොම්පේ 32,132ක්, ගම්පහ 39,342 ක්, ජා ඇල 45,605ක්, කටාන 53581ක්, සදහා මෙන්නම දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඉතිරි ග්‍රාම සේවා වසම් 59ක පවුල් 20,614, අත්තනගල්ල ඉතිරි ග්‍රාම සේවා වසම් 118ක පවුල් 30,603ක් සදහා මෙම මුදල් ඉල්ලා තිබේ.