මීගමුවේ ප්‍රබල දේශපාලකයෙක් කලපුවේ හෝටලයක් හදන්න ගිය හැටි .. ?

0
271

grandiza laggon fillingකලපු සිමාවේ සථිර ඉදිකිරිම් සපුරා තහනම්ය.එපමණක් නොව දඩුවම් ලැබිය හැකි දරුණු  වරදකි.
.තතු එසේවුවද කලපු සිමාවේ දැවැන්ත කොන්ක්‍රිට් කණු යෙදාගනමින් ග්‍රැන්ඩිසා නම් වු කුරණ පිහිටි සුපිරි හෝටලය විශාල ඉදිකිරිමක් සදහා සුදානම්වි  තිබෙන අයුරු පෙනේ.
කිසිදු බියක් සැකයක් නැතිව මෙසේ කලපුවේ ඉදිකිරිම් කරන්නට නම් ඒ පිටුපස අතිශය ප්‍රබල දේශපාලන බලයක් තිබිය යුතුය.
එසේ නොවන්නේ නම් කිසිවෙකුත් කිසි විටකත් මේ සා බරපතල නීතිවිරෝධි ක්‍රියාවන් සදහා ඉදිරිපත් නොවනු ඇත.
මෙම සිදුවිමෙන් ඉතා පැහැදිලිව කියා පාන්නේද මේ හෝටලයේ හිමිකාරිත්වය හා බැදුනු දැවැන්ත දේශපාලන හයියයි.
පසුගිය දිනවල කුරණ ගම්මානයට ඩෙංගු බෝකළා යැයි කියමින් කුරණ ගම්වැසියන් ග්‍රැන්ඩිසා හෝටලයට එරෙහිව උද්ඝෝෂණය කරද්දි ඔවුන් කියා සිටියේ මෙහි ඇත්ත හිමිකරුවා නියෝජය ඇමති නිමල් ලංසා බවය.
කෙසේ වෙතත් මේ නිතීවිරෝධි ඉදිකිරිම පිළිබදව මීපුර වෙබ් අඩවිය විසින් හෙළිදරව් කිරිමෙන් අනතුරුව මීගමුව ප්‍රාදේශිය ලේකම්වරයා කියා සිටියේ ඔහු විසින් ග්‍රැන්ඩිසා හෝටලයේ ඉදිකිරිම් ඉල්ලුම්පත්‍රය අහෝසි කළ බවය.
එහෙත් අපට මතුවන ප්‍රශ්ණය වන්නේ මේසා බරපතල ආකාරයෙන් මීගමුව කලපුවේ කිසිදු බියක් සැකයක් නැතිව මේ ඉදිකිරිම් කළ අයිතිකරුවන් නීතිය ඉදිරියට ගෙනඒමට මීගමුවේ බලධාරින් කටයුතු නොකරන්නේ මන්ද යනුවෙනි.