මීගමුවේ ප්‍රසිද්ධ වෛද්‍ය රසායනාගාරත් වැරදි වාර්ථා නිකුත් කරලා?

0
691

mithi report 1නිවරදි රෝග නිශ්චය සදහා තිරාණාත්මක කොටසක් ඉටුකරනු ලබන්නේ වෛද්‍ය රසායනාගාර වාර්ථා විසිනි.වෛද්‍යවරුන් අදාල රෝගියාගේ රෝගි තත්වය සහ ඒ සදහා ලබාදිය යුතු බෙහෙත් නියම කරනු ලබන්නේ මේ වාර්තාද පදනම් කරගෙනය.
එසේ තිබියදි මේ වාර්ථාවක් සත්‍යයෙන් තොර එකක් වන්නේ නම් සිදුවිය හැක්කේ කුමක්ද?

පසුගිය දිනක මීගමුවේ ඩර්ඩන්ස් ආයතනය වෙත ගොස් තිබුණ රෝගියෙකු UFR (Urine Full Report ) එකක වාර්ථා ලබාගැනිමේදි එය නිවරදි නොවේ යැයි ඉතා සරල නිගමනයකට පැමිණ තිබුනේ සිය වකුගඩුවේ ඇති ප්‍රශ්ණයක් නිසා එම අවස්ථාවේ දි කිසි විටකත් ප්‍රෝටින් අගය Nill ලෙසින් පෙන්නුම් කරන්නේ නැති බව දන්නා නිසාවෙනි.
මේ නිසාම වැඩිදුර සැකහැර දැනගැනිම සදහා පසුදින ආසිරි රසායනාගාරය වෙත ගොස් නැවතත් එම පරික්ෂණයම සිදුකරගෙන තිබුණි.
ඒ වාර්ථාවේ දැක්වුනේ මුත්‍රාවල ප්‍රෝටින් අගය +200 ක් ලෙසය.
මේ වාර්ථා ලබාගෙන තිබුනේ පසුදින ජයවර්නපුර රෝහලේ වෛද්‍ය සායනය වෙත ඉදිරිපත් කරනු සදහාය.
කිසියම් විදියකින් කලින් ගන්නා ලද සත්‍ය නොවන වාර්ථාව වෛද්‍ය සායනයට ඉදිරිපත් කළේ නම් සිදුවන්නේ කුමක්ද ?
කොළඹ කොටුවේ ඇපල් කඩවලට කඩා පනින කිරුම් මිණුම් අංශවල නිළධාරින් ඒවා හොර තරාදි බව අල්ලා ගනි.
කල් ඉකුත්ව ඇති භාණ්ඩ නැවත දින වෙනස් කර අලෙවිය සදහා සුදානම් කරද්දි අල්ලා ගන්නා ලද පුවත් මේ දිනවල නිතර මාධ්‍ය වලින් ඇසේ.
එහෙත් වෛද්‍යවරයාගේ වෙද නලාව නිවරදි එකක්ද යන්න ගැන හෝ වෛද්‍ය රසායනාගාරවල ඇති පරික්ෂණ යන්ත්‍රවල නිවරදි ඒවාද යන්න ගැන විමසනුයේ කව්රුන් විසින්ද?
පරිහෝගිකයාට අහිමි වෙන ඇපල් ග්‍රෑම් ගණනට වඩා වකුගඩුවක වැදගත් කම කොයිතරම් නම්ද …?
මීගමුව තුල අද ක්‍රියාත්මක වෙමින් ඇති වෛද්‍ය රසායනාගාර මාෆියාව ගැන විමර්ශනය කරන්නේ කව්රුන්ද ?ඒවා පාලනයකට නතු කළ යුතු නොවෙද?